ලංකාවේ විශාලතම සහ උසම රජයේ කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් ඇරඹේ !

Published in පුවත්
Tuesday, 30 March 2021 09:43

සෙත්සිරිපාය තෙවන අදියර යටතේ ලංකාවේ විශාලතම සහ උසම රජයේ කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි මෙරට විශාලතම රාජ්‍ය ආයතන කාර්යාල සමූහය වන සෙත්සිරිපාය තෙවන (III) වන බහු මහල් කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු ඇරඹුණේ.

"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සහ ජනතාවට පහසුවෙන් සිය සේවා අවශ්‍යතා සපුරා ගත හැකිවන සේ රජයේ කාර්යාල ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරේ.

කොළඹ ආශ්‍රිත රථ වාහන තදබදය අවම කර ගැනීම, කොළඹ තදාසන්නයේ පිහිටි රාජ්‍ය ආයතන මෙම නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීම, ජනතාවට පහසුවෙන් සිය සේවා අවශ්‍යතා සපුරාගත හැකි ආකාරයට රාජ්‍ය ආයතන ස්ථාපිත කිරීම යන කාරණා මුල්කරගෙන සෙත්සිරිපාය III වන අදියර ක්‍රියාත්මක වේ.

මෙය මහල් 25කින් සහ වර්ග අඩි මිලියන 1.37කින් සමන්විත කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයකි. නවීන පහසුකම්වලින් සමන්විත මෙම කාර්යාල පරිශ්‍රය මගින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය කාර්යාල රැසකට ඉඩ පහසුකම් සලසා ගැනීමට අපේක්ෂිත ය. වසර දෙකහමාරකින් මෙහි සියලු ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 16.7 කි. ලංකාවේ රාජ්‍ය කාර්යාල පරිශ්‍රයක් සඳහා ඉදිකෙරෙන උසම ගොඩනැගිල්ල ද මෙය වීම විශේෂත්වයකි.

නාගරික සංවර්ධන අධිකාරිය පූර්ණ හිමිකම් සහ මූල්‍ය දායකත්වය දරන මෙම කාර්යාල පරිශ්‍රය බොහෝ මහජන පහසුකම්වලින් සමන්විත ය. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කළ පසු රජයේ සහ අර්ධ රාජ්‍ය කාර්යාල සමූහයකින් සමන්විත වීම සහ සියලු වාණිජ කටයුතු හා බැංකු කටයුතු සිදු කර ගැනීමට හැකිවීම හේතුවෙන් මහ ජනතාවට ඉහළ ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව උදා වෙයි.

මේ සියලු සේවා සමඟින් රැස්වීම් ශාලා, විශේෂිත වූ උත්සව ශාලා සහ වාහන 710 ක් නවතාලිය හැකි රථගාලක් ද වෙනත් කටයුතු සඳහා වූ බහු කාර්ය ශාලා, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන වැනි පහසුකම්වලින් ද මෙය සමන්විත වේ.

මෙම බහු මහල් කාර්යාල සංකීර්ණය ඉදිකිරීම සඳහා ලංසු තැබීම් 06 ක් ඉදිරිපත් වූ අතර ඒවා සුපරික්ෂණයෙන් පසු MAGA ඉදිකිරීම් සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය විය. මහල් 25 කින් සහ වර්ග අඩි මිලියන 1.37 කින් සමන්විත වන මෙම ව්‍යාපෘතිය මෙයට පෙර රුපියල් බිලියන 22 වැය කර ඉදිකිරීම සඳහා තක්සේරු කර තිබිණි. එය රුපියල් බිලියන 16.7 කින් ඉදිකර නිමකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කිරීමත් සමඟ රුපියල් බිලියන 5.3 ක් රටට ඉතිරි කර දීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකියාව ලැබී තිබේ.

-පංචාලි අබේසේකර

mahinda

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us