රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා පරිසර දිනය සැමරීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොවන බවත්, සෑම නිවසකටම ඩෙංගු මදුරු මර්දනය සඳහා ‘‘හුස්ම පොදයි – පරිසරයයි’’ මැයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත්, පරිසර ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මේම මස 05 වැනිදා සහ 06 වැනිදා තම නිවස අවට පරිසරය පිරිසිදු කරන අයුරු වීඩියෝ ගත කර පරිසර අමාත්‍යාංශයට එවන ලෙස පාසල් සිසුන්ගෙන් ඉල්ලා සිටින බවත්, මේ දින දෙක ඇතුළතදී සෑම පැයකට වරක් පවුල් තුනක් තෝරා රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කරන බවත් පරිසර අමාත්‍යවරයා සදහන් කර ඇත.
-පංචාලි අබේසේකර