සෞඛ්‍ය අංශයේ ගර්භණී නිලධාරිනියන්ට නිවාඩු !

Published in පුවත්
Monday, 07 June 2021 18:33

කොවිඩ් අවදානම මැද සේවයට වාර්තා කළ සෞඛ්‍ය අංශයේ ගර්භණී නිලධාරිනියන්ට නිවාඩු ලබා ගැනීමට පැවැති බාධකය නව චක්‍රලේඛයක් මගින් ඉවත් කර තිබේනවා.

ඒ අනුව සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට අයත් ගර්භණී නිලධාරිනියන් සඳහා අංක 02/2021(11) හා 2021.05.10 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ විධාන අදාළ කරගත යුතු බවත් , එසේ වුවද රටේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ තමන්ගේ වෘත්තිමය වගකීම අවබෝධ කරගෙන ස්ව කැමැත්තෙන් තවදුරටත් සේවයේ යෙදීමට කැමැති ගර්භණී නිලධාරිනියන් වෙතොත් ඔවුන් අදාළ ආයතනය, රෝහල් තුළ කොවිඩ් -19 අවදානම නොමැති ස්ථානවල පමණක් සේවයේ යෙදීමේ අවස්ථාව පවතීන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එස්. එච්. මුණසිංහ මහතාගේ අත්සනින් යුතුව නව චක්‍රලේකය නිකුත් කර තිබේ.
ඉන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2021.05.31 නිකුත් කළ ලිපිය මින් අවලංගු වන බවය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us