පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (07 වැනිදා) කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනූව අද (08 වැනිදා) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස් විය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව නොපවත්වා පස්වරු 12.30 දක්වා ආණ්ඩුවේ මුදල් රෙගුලාසි කීපයක් අනුමත කර ගැනීමටත් ඉන්පසු සවස 4.30 දක්වා රටේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයෙන් ගෙන එන යෝජනාව විවාද කිරීමටත් පක්ෂ නායකයෝ එකඟ වී ඇති බවයි වාර්තා වෙන්නේ.
-පංචාලි අබේසේකර