සංචරණ සීමා පවා නොතකමින් කොළඹින් විශාල පිරිසක් ගාල්ලට පැමිණ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් බවට රට පුරා මතුවු දැඩි ආන්දෝලනයත් සමග ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මූලික විමර්ශන පැවැත්වීමෙන් පසු ඉදිරිපත් කළ නිර්දේශ අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
-පංචාලි අබේසේකර