ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අතර අද (09) පෙරවරුවේ හමුවේදී මේ සම්බන්ධ සුබවාදී ප්‍රතිචාරය ලැබී ඇත.
මේ අනුව කොවිඩ් මර්දන වෛද්‍ය හා සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ලබාගැනිමට ජනාධිපතිවරයා සිදුකළ ඉල්ලීමට ද ජපාන රජයේ එකඟතාව පළ වී තිබේ.
එමෙන්ම සමුද්‍රීය අනතුරු පිළිබඳව කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීම සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේදී ජපාන තානාපතිවරයාගේ අවධානයට යොමුකර ඇත.
-පංචාලි අබේසේකර