මෙලෙස මුදල් ඉපයීම් සහ සිදුකර ඇති ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝ වශයෙන් පරීක්ෂණ සිදුකරන බවත් ඒ සඳහා එම ස්ථානයේ තිබු පරිගණක දත්ත පරීක්ෂා කරමින් සිටින බවත් බම්බලපිටිය පොලිසියේ නිලධාරියකු පැවසීය.
වසර තුනක පමණ කාලයකදී දෙදහසකට වැඩිපිරිසකට එම ස්ථානයෙන් රූපලාවන්‍ය සැත්කම් සිදුකර ඇතිබවත් මේ සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් එක් සැත්කමක් වෙනුවෙන් ගෙවිය යුතු බවත් අනාවරණය වී ඇත.
මෙවැනි සැත්කම් විදේශ රටකදි සිදුකර ගැනිමට අවම වශයෙන් රුපියල් මිලියනයක්වත් ගෙවිය යුතු බව පැවසේ. මේ ස්ථානය සහ එහි සේවය කළ පුද්ගලයින්ගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ගෙන යයි.
කොළම අලුත්කඩේ මහෙස්ත්‍රාත් උසාවියේ නියෝගයක් මත කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කණ්ඩායමක් ඊයේ උදෑසන මේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළහ.
මේ කණ්ඩායමට අධිකරණ වෛද්‍ය නිලධාරි දෙදෙනකු, රජයේ රස පරීක්ෂක, ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ නිර්වින්දන වෛද්‍යවරයෙක් ඇතුළත්ව සිටියේය.
වෛද්‍යවරිය මියගිය බම්බලපිටිය රූපලාවන්‍ය මධ්‍යස්ථානය මගින් සිදු කළ සැත්කම්වලින් රුපියල් කෝටි දහයකට අධික මුදලක් උපයා ඇතිබව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදි හෙළිවි තිබේ.
Leave a comment
Gossip
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...