බස්නාහිර පළාතට ඇතුළු වන හෝ පිටවන ස්ථාන වල ස්ථාපිත කර ඇතිමාර්ග බාධක වලදී ආපසු හරවා යැවුණු වාහන සංඛ්‍යාව 161ක් බවයි පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ .
මීට අමතරව පළාත් සංචරණ සීමා නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු සහ ඔවුන් පැමිණි වාහන හතරක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර ඊයේ දිනය වනවිට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 54,100ක් දක්වා ඉහළ ගියා. මේ අතරට ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 64 දෙනකුද අයත්.
-පංචාලි අබේසේකර