දැනට දිවයින පුරා පවතින කොවිඞ් වසංගත හේතුවෙන් රෝගීන් සහ මෘතදේහ ප‍්‍රවාහනය කිරීම සදහා ගිලන්රථවල අවශ්‍යතාව ඉතාමත් ඉහළ ගොස් ඇති නිසා විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත් කොට තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගිලන් රථ කඩිනමින් අලූත්වැඩියා කර ධාවනයට සුදුසු අයුරින් සකස් කොට ලබාදීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපත් වී ඇත.
එහි ප‍්‍රථම පියවර ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ධාවනයෙන් ඉවත් කළ ගිලන් රථ 10ක් අළුත්වැඩියා කිරීමට කටයුතු සැලසුම් කර ඇත. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
-පංචාලි අබේසේකර