එම තීරණය ලබන 22 වනදා සිට ක්‍රියාත්මක බවයි ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සදහන් කළේ.
එක්සත් රාජධානිය සිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් ඉවත්කර තිබෙනවා.
එම තීරණයට අනුව අදාළ රටවලින් පැමිණෙන සංචාරකයින්ට හෝටල් නිරෝධායනය අවශ්‍ය නොවන අතර පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්නම් එරටට පැමිණිමෙන් පසු පීසීආර් පරීක්ෂනයකට ලක්වීමට අවශ්‍ය නොවන බවයි බ්‍රිතාන්‍ය ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් සෆ් නිවේදනය කර ඇත්තේ.
-පංචාලි අබේසේකර