එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති අබ්දුල්ලා සාහිඩ් සහ එහි ලේකම් ඇන්ටෝනියා ගුඩරේස් වෙත යොමු කර තිබෙන එම පැමිණිල්ල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය වන හනා සිංගර් වෙත අද පෙරවරුවේ භාරදෙන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඊයේ (21 වැනිදා) පැවැසීය.
මේ අතර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වල සිදුකළ බව කියන සිද්ධීන් සම්බන්ධව විමර්ශනය කිරීමට විශ‍්‍රාමික විනිසුරුවරයෙක් පත් කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පවසයි.
කෙසේ නමුත් බන්ධනාගාර වලට ඇතුලුවී තමන් විසින් සිදු කළාය කියන කටයුතු කිසිවක් තමන් විසින් සිදු නොකළ බවට රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.
-පංචාලි අබේසේකර