ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අසාද් සාලි මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ලබන 12 වනදා දක්වායි. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම පැමිණිල්ල අද කැදවූ අවස්ථාවේ සැකකාර අසාද් සාලි මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. ඒ ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීම හේතුවෙනුයි. ඉකුත් මාර්තු මාසයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවටයි අසාද් සාලිට මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ.