ජනාධිපති කාර්යාලයේ ඊයේ (6 වැනිදා) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
‘‘දැඩි තීන්දු තීරණ ගෙන කිසිදු පැකිලීමකින් තොරව ජනතාව, විවිධ සංවිධාන සහ මහා සංඝරත්නය බලාපොරොත්තු වූ කාර්යභාරය දශමයකින්වත් අඩු නොකර ඉටු කිරීමට මම සූදානම්. මෙතෙක් රජයෙන් සිදුවූ අතපසුවීම්, වැරදි නිවැරදි කිරීමටත් මම කටයුතු කරනවා. ඡන්දයක් බලාගෙන මම වැඩ කරන්නෙ නැහැ. මම එම තීරණය ජනතාවට දැනුම් දී තිබෙනවා.’’ මේ අතර මෙම සාකච්ඡාවේදී කාබනික පොහොර වැඩපිළිවෙළ පිළිබඳවද අවධානය යොමු වූ බව සදහන්.
-පංචාලි අබේසේකර