විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ වාචික පිළිතුරු විමසීමේ අවස්ථාවේදීය.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ගතවූ මාස 2ට බිලියන 44ක මුදලක් අයකර ගැනීමට ඇති බවයි.
හිඟ මුදල් ඇති පුද්ගලයින්ට මාස 12ක් තුළ එය ගෙවීමට හැකි බවත්, අවසන් බිලද එම කාලය තුළදී ගෙවිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
-පංචාලි අබේසේකර