ප්‍රහාරයට සම්බන්ධ 56කට එරෙහි නඩු ත්‍රිපුද්ගල මහාධිකරණයකදී දිනපතා විභාගයට !

Published in පුවත්
Thursday, 04 November 2021 09:49

පාස්කු ප්‍රහාර මාලාවට සම්බන්ධ මහ මොළකරු නවුෆර් මව්ලවි ඇතුළු ප්‍රධාන පෙළේ සැකකරුවන් 56 දෙනකුට එරෙහිව ගොනුකළ නඩු මේ මස සිට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයකදී දිනපතා විභාගයට ගැනීමට සැලැසුම් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මව්ලවි, ජෆූර් මාමා ඇතුළු ප්‍රධාන සැකකරුවන් 24කට එරෙහිව මේ වන විට අධිචෝදනා ගොනුකර ඇති බවත් තවත් 32කට මහාධිකරණ 5කදී නඩු විභාග වෙමින් පවතින බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රහාරය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී දුරකතන ඇමතුම් සංවාද එක් ලක්ෂ දොළොස්දහසක් (112,000) පමණ විශ්ලේෂණය කර ඇති බවත් චෝදනා 23,700ක් ඔස්⁣සේ නඩු ගොණුකර ඇති බවත් ඇමැතිවරයා කීවේය.

පාර්ලිමේන්තු කාරක සභාව, පාර්ලිමේන්තු ආංශික කාරක සභාව, ජනාධිපති විමර්ශන කොමිසම සහ අපරාධ විමර්ශනය ඇතුළු වාර්තා හතරක් ප්‍රහාර මාලාවට අදාළව සකස් කර ඇති බවත් මේ සියලු වාර්තා නීතිපතිවරයාගේ විශ්ලේෂණයට ලක්කර සාක්ෂි පරස්පරතාවන් හේතුවෙන් සැකකරුවන්ට නිදහස් වීමට ඇති ඉඩකඩ වැළැක්වීමට පියවර ⁣ගනිමින් සිටින බවත් හෙතෙම කීවේය.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11දා ප්‍රහාර එල්ල කල මහ මොළකරු ෂෙක් මොහොමඩ්ට විරුද්ධව නඩු පැවරීමට වසර 20ක් සහ 2015 දී ප්‍රංශයේදී ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදීන්ට නඩු පැවැරීමට වසර 07ක් වැනි කාලයක් ගතවූ නමුත් මෙරට පොලිස් දෙපාර්තමේන්තුව වසර දෙක හමාරක් වැනි කෙටි කාලයකින් කාර්යක්ෂමව විමර්ශන සිදුකර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටිම සතුටට කරුණක් බවත් හෙතෙම කීවේය. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බවත් තව දුරටත් විමර්ශන කරන බවත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us