හරිත දේශයක් !

Published in පුවත්
Thursday, 09 December 2021 14:50

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ බව කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා එම මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (8 )අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී.

ජනාධිපතිවරයා විසින් පත් කර ඇති හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතුවලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලු නිලධාරින්ගේ සහය පූර්ණ වශයෙන් ලබා දිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. සාකච්ඡාව ආරම්භයේදීම කාබනික කෘෂිකර්මාන්ත⁣යේ මෙතෙක් ⁣ගමන් මඟ පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කීරිමක් කළේය.

සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකර ආහාර සුරක්ෂිතාව සඳහා රජය ප්‍රකාශයට පත් කර ඇති හරිත කෘෂිකර්ම වැඩසටහන වඩා කාර්යක්ෂමව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට මෙවැනි ක්‍රියාන්විතයක් ඇති කිරීම සම්බන්ධයෙන් ද කෘෂිකර්ම අමාත්‍යවරයා සිය ප්‍ර‍සාදය පළ කළේය.

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දුන්නේ, මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාවට නඟා ඇති කාබනික කෘෂිකර්මාන්තයට සහය වී එහි කටයුතු කාර්යක්ෂමව පවත්වා ගැනීමට මෙම ක්‍රියාන්විතය පිහිටුවා ඇති බවයි. ඒ අනුව අද (9) සිට මෙම මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කරන බව ද ඊට සියලු දෙනාගේ සහය ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

වර්තමාන ලොව පුරා රටවල් තම සෞඛ්‍ය පද්ධති ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් තිබේ.විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ 25 වන වගන්තියෙන් ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍ය පහසුකම් ලබාගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට මිනිසාට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබේ. සමාජ සාධාරණත්වය තුළ සෞඛ්‍ය පහසුකම් භුක්ති විදීමට ඇති අයිතිය, රෝගී වී ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවට රෝගී නොවී සිටීම, අවදානම් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමෙන් වැළකීම සහ අවධානම පාලනය කිරීම ආදියට රාජ්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්ති තුළ ප්‍රමුඛත්වය ලබා දීම ආදිය මෙමගින් සිදු කෙරේ. මේ අනුව මෙම යුගයේ රජයේ වගකීම වන්නේ ගුණාත්මක බවින් ඉහළ සෞඛ්‍යට හිතකර සේවා ලබාදීම සහ ඊට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. එය සෞභාගයේ දැක්ම තුළින් වත්මන් ජනපතිවරයා පුරවැසියාට පොරොන්දු වූ යෝජනාවකි..එය සැබෑවක් කිරීමට අද වත්මන් රජය කැපවී සිටි.

පුද්ගලයෙකු රෝගී වීමෙන් පසුව ප්‍රතිකාර ගැනීමට යොමුවීමෙන් පෞද්ගලිකව ඒම පුද්ගලයාට සිදුවන අපහසුතා වලට අවැසි පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට සහ ඇතැම් විට නෑදෑ හිතමිතුරන්ට , ජීවත්වන සමාජයටද අසතුටුදායක වටපිටාවක් නිර්මාණය වීමයි. එය ඔහුගේ පවුලට මෙන්ම ඔහු සේවය කරන ආයතනයේ කාර්යක්ෂමතාවයටද, රටේ ආර්ථිකයටද අහිතකර ලෙස බලපායි. මෙරට වස විසෙන් තොර ආහාර භාවිතය ඇති කිරීමේ අරමුණින් කාබනික පොහොර වගාවන් මෙරට තුල ප්‍රචලිත කිරීමට වත්මන් රජය කටයුතු කළේ ඒ නිසාය.

සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරිමට අවශ්‍ය ප්‍රජා දායකත්වය ලබා ගැනීමට මහජනතාව සැලකිල්ලක් නොමැති නම් සෞඛ්‍ය සම්පන්න ජාතියක් පිළිබඳව අපේක්ෂාව යථාර්තයක් බවට පත් නොවේ. මන්ද පවතින ආණ්ඩුවකට පමණක් එය සිදු නොකළ හැකි ක්‍රියාවක් නිසාය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us