රුපියල පා වෙන්න දෙන්නේ නැහැ - මහ බැංකු අධිපති

Published in පුවත්
Friday, 17 December 2021 09:53

විනිමය අනුපාත සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කරන බවට පළවන කටකථාවල සත්‍යයක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේදී ඉන්ධන මිළ ඉහළ දැමීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය පහත හෙළීමට රජය කටයුතු කරණ බවට සමාජ මාධ්‍ය වල පුවතක් පැතිරි ගියා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පළවන්නේ ව්‍යාජ වාර්තා බවයි. මේ වනවිට ඩොලර් විනිමය සම්බන්ධයෙන් මහ බැංකුව ස්ථාවර අනුපාතයක් ක්‍රියාත්මක කරනු ලබන අතර, පෞද්ගලික විදේශ මුදල් හුවමාරු කරන ආයතන මඟින් ඒ සඳහා ඉහළ අනුපාතයක් ගෙවනු ලැබුවා.

කෙසේ නමුත් ඊට එරෙහිව නීති දැඩි කිරීමෙන් අනතුරු ව පෞද්ගලික ආයතන ද මහ බැංකු අනුපාතය අනුගමනය කිරීමට පැමිණ සිටිනවා. මහ බැංකුව ඩොලරය සඳහා රුපියල් 203ක පමණ ස්ථාවර අනුපාතයක් පවත්වාගෙන යනු ලබන අතර, ඒ සඳහා පෞද්ගලික අංශ මඟින් රුපියල් 240ක පමණ මුදලක් ගෙවනු ලැබුවා.

එහෙත් මහ බැංකුව විසින් අවධාරණය කිරීමෙන් පසු ඔවුන් එම අනුපාත ගෙවීම නතර කර තිබෙනවා. මහ බැංකුව මඟින් ශ්‍රී ලාංකිකයන් උපයන මුදල් සඳහා රුපියල් 210 බැගින් වැඩි අනුපාතයක් ගෙවන බවද ප්‍රකාශ කළා. මේ අතර ඩොලර් හිඟය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව රාවයක් පැතිර ගිය අතර, ඊට අනුකූලව රුපියල පා කිරීමට සූදානම් වන බවද කටකථා පැතිරුණා. මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වා ඇත්තේ එම වාර්තා පිළිබඳවයි.

කෙසේ නමුත් වත්මන් විදේශ විනිමය අර්බුදය හමුවේ ඒ විසැඳීමට රුපියලෙහි අගය නිදහසේ තීරණය වීමට ඉඩ හළ යුතු බවට ඇතැම් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා. මහ බැංකුව විනිමය අනුපාත පාලනය කර ගැනීම වෙනුවෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අතර පසුගියදා රුපියලෙහි අගය ස්ථාවර පවත්වා ගෙන යෑම වෙනුවෙන් මහ බැංකුව සතු ඩොලර් මිලියන 372 ක් විදේශිය විනිමය වෙළදපොළෙහි විකිණීමටද කටයුතු කර තිබුණා.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ වෙළෙඳාම් කටයුතු සිදු කිරීමේ දී පවතින වාණිජ නීති ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. ඔන්ලයින් වෙළෙඳාම් සිදු කරන ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් යන දෙපාර්ශවය ම අයිතීන් සුරක්ෂිත වන අයුරින් මෙම නව නීති හඳුන්වා දෙනු ඇති.

මීට අදාළ ව අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී අන්තර්ජාල වෙළෙඳාම් සම්බන්ධයෙන් මුහුණදෙන ගැටලු සහ ශක්තිමත් නීති රාමුවක අවශ්‍යතාව අවධාරණය කෙරුණා. ඊට අදාළ ව සිදු කර ඇති පර්යේෂණ වාර්තාවන් ද අධ්‍යයනය කරමින් නව නීති හඳුන්වාදීම සහ සංශෝධනය කිරීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවේදි අවධානය යොමුව තිබෙනවා.

අධිකරණ අමාත්‍ය අලී සබ්රි, ඩිජිටල් තාක්ෂණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු නිලධාරින් මෙන්ම ඔන්ලයින් වෙළඳාම සිදු කරන ආයතන කිහිපයක නියෝජිතයින් ද ඊට එක්ව සිටි අතර, වානිජ නීති පද්ධතිය සමාලෝචනයට පත් කර ඇති කමිටුව සමග සාකච්ඡා කර නීති ශක්තිමත් විය යුතු බවට යි එහි දී අවධාරණය කෙරුණේ.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us