වරායේ සිරවූ අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කරගනියි !

Published in පුවත්
Friday, 17 December 2021 11:11

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනිමට අවශ්‍ය මුදල් ලබාදීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එකඟ වූ බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

සහල්, පරිප්පු, සීනි, අර්තාපල් සහ ලොකු ළුණු ඇතුළු අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය අසුරා ඇති කන්ටේනර් රැසක් වරායේ සිරවී ඇති බවත් කඩිනමින් ඩොලර් නිකුත් කළ හොත් එම භාණ්ඩ නිදහස් කර ගැනිමට හැකි බවත් එම සංගමයේ නියෝජිතයින් අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් අවශ්‍ය මුදල් ලබා ගැනිම සදහා මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඩොලර් මිලියන 25ක් නිකුත් කිරිමට එකඟතාව පළ කළ බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. එම මුදල් නිකුත් කිරිම අද සිට සිදු කිරිමට නියමිතය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us