කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නතර කරන්නේ නැහැ -ජොන්ස්ටන්

Published in පුවත්
Monday, 03 January 2022 10:03

ආරම්භ කර ඇති කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නතර නොකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. කුරුණෑගල නව පදිංක උමං මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළා.

කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලය ඉදිරිපිට නව පදිංක උමං මාර්ගයේ ඉදිිරීම් සදහා මහාමාර්ග අමාත්‍යංශය වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 648 ක්. කුරුණෑගල නගරය තුළ පවතින මාර්ග තදබදය අවම කිරීම මෙහි අරමුණයි.

මේ අතර ග්‍රාමීය හා නාගරික පාසල් සහ සියලු රෝහල්වලට පිවිසෙන මාර්ග සංවර්ධනය කරන බවද අමාත්‍යවරයා සදහන් කර ඇත.

ගෝලීය කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සමස්ත ලෝකයම පසුගාමී තත්ත්වයකට පත්වෙමින් තිබියදී පවා, නාගරික සංවර්ධන, නිවාස ඇතුළු අමාත්‍යංශ විෂයට අදාළ සංවර්ධන කටයුතු මේ වන විටත් නොපිරිහෙළා ඉටු කරමින් වත්මන් රජය මුළු රටම සංවර්ධන කරා ගෙන යන ආකාරය ප්‍රශංසනීයය. මන්ද රටක මහා මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම එම රටෙහි දියුණුවේ සංඛේතයකි .එය මැනවින් වටහා ගෙන ඒ සදහා කටයුතු කර ඇත්තේ මෙතක් මෙරට බිහි වූ නායකයන්ගෙන් රාජපක්ෂලා බවද මතක් කරන්නෙමු.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us