සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් ජනතා පොරොන්දුවක් සැබෑවූ වගයි!

Published in පුවත්
Monday, 03 January 2022 12:09

රජයේ සේවයට බඳවා ගත් රැකියා විරහිත උපාධිධාරීන් පනස් දහසක් ස්ථිර සේවයට අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මකයි.

සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රැකියා විරහිත උපාධිධාරීන් පනස් දහසක් රජයේ සේවය සඳහා බඳවා ගනු ලැබිය. ඔවුන් ස්ථිර කිරීමේ වැඩසටහන අද සිට ක්‍රියාත්මකයි.

ඒ යටතේ ප්‍රථම අභ්‍යාසලාභී උපාධිධාරීන් කණ්ඩායම ලෙස උතුරු පළාතේ උපාධිධාරින් පිරිස ස්ථිර සේවයේ රාජකාරි භාර ගැනීම සිදු කෙරුණා. යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික්වල අභ්‍යාසලාභී උපාධිධාරීන් හාරසිය පනස් හය දෙනෙකු ස්ථිර පත්වීම් ලැබ අද රාජ්‍ය සේවයේ රාජකාරි ආරම්භ කරන බව උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන මහතා පවසනවා. ඔවුන් සියලු දෙනා රජයේ පාසල්වල සංවර්ධන නිලධාරීන් ලෙස පත් කර තිබෙනවා. තවත් අභ්‍යාසලාභී උපාධිධාරීන් නවසිය හැත්තෑ දෙදෙනෙකුට ඉදිරි දිනවලදී ස්ථිර පත්වීම් ලබාදිමට නියමිත බවයි ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ.

රැකියා විරහිත උපාධිධාරීන් ගැන සැමදා අපට අසන්නට ලැබේ. දහඅට වසරක් මහජන මුදලින් අධ්‍යාපනය ලද උපාධිධාරීන් රැකියා ඉල්ලා මහ මඟ උද්ඝෝෂණය කිරීම රටක් ලෙස අපට ආඩම්බර විය හැකි තත්ත්වයක් නොවේ. 2012 සිට මේ වසර දක්වා අවම වශයෙන් උපාධිධාරීන් හැටදහසක්වත් රැකියා විරහිතව සිටිතැයි ගණන් බලා ඇත.

ඒ සා විශාල ප්‍රමාණයකට රැකියා දීමට තරම් රැකියා නැතැයි රජයේ පාර්ශ්වයෙන් වරෙක දී කියැවෙයි. උපාධිධාරීන්ට රැකියා දීම රජයේ වැඩක් නොවේ යැයි කියන දේශපාලනඥයන්ද නැත්තේ නොවේ.

රාජ්‍ය විශ්වවිද්‍යාල හා මණ්ඩලද සමඟ උසස් අධ්‍යාපන ආයතන 20කට අධික ප්‍රමාණයක් දැනට ක්‍රියාත්මකය. වසරකට තිස් හතළිස් දහසක සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්නා විට ඒ සා ප්‍රමාණයක් හෝ ඊට වැඩි පිරිසක් වාර්ෂිකව ඉන් පිටවීමද සිදුවේ.

මොවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් රැකියා සොයා ගන්නා අතර තරමක පිරිසට රැකියා විරහිතව සිටීමට සිදුව ඇත. වෛද්‍ය, ඉංජි​නේරු තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් හැර අනිකුත් උපාධිධාරීන්ට රැකියා හිඟයක් පවතී. ඒ අතරිනුත් කලා උපාධිධාරීන්ට රැකියා සොයා ගැනීමත් කාලයක් තිස්සේ ප්‍රශ්නයක්ව පවතින්නකි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයයේ තවත් පොරොන්දුවක් සැබෑ කරමින් රැකියා විරහිත උපාධිධාරීන් පනස් දහසක් රජයේ සේවය සඳහා බඳවා ගනු ලැබිය. කොතරම් අභියෝගිකාරී වාතාවරණයක වුවද,විපක්ෂය අභූත චෝදනා නගමින් රජය ගෙන යන වැඩ පිළිවෙලවන් වලට අකුල් හෙළමින් සිටියද තමන් ජනතාවට දුන් පොරොන්දු සැබෑ කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැප වී සිටී.

රජයේ ඉදිරි වැඩ පිළිවෙළ අනුව සෞභාග්‍යවත් දේශයක් නිර්මාණය කිරීමේදී මේ උගත් බුද්ධිමත් පිරිසගේ දායකත්වය අත්‍යවශ්‍යය. එනිසා මෙලෙස රැකියා ලබා ගන්නා සියලු දෙනාට භාර දූර වගකීමක් පැවරී තිබෙන බවත් සිත්හි තබාගත යුතුය. ඒ වගකීම උදෑසන 8.00ට සේවයට පැමිණ පස්වරු 4.30ට කාර්යාලයෙන් බැහැර වීමට වඩා එහා ගිය ජනතා වගකීමක් බව තේරුම් ගත යුතුය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us