අය වැය මඟින් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කෙරෙන අතර, ‘ගම සමඟ පිළිසඳරක් – අය වැයෙන් වැඩ ලක්ෂයක්‘ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ඨාස 14,021ක මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ අනුව එක් ග්‍රාම සේවා වසමක ව්‍යාපෘති 5ක් හෝ 6ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
-පංචාලි අබේසේකර