පේරාදෙණිය සෙනරත් පරණවිතාන කෞතුකාගාරය මුද්‍රා තැබුවේ හොරකම යට ගසන්නද? Featured

Published in පුවත්
Monday, 15 August 2022 13:58

පේරාදෙණිය විශ්ව විද්‍යායීය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් සෙනරත් පරණවිතාන කෘතුකාගාරය ( The Senarat Paranavitana Teaching And Research Museum) දැන් වසරකට ආසන්න කාලයක් තිස්සෙ මුද්‍රා තබා වසා දමා තිබේ. 2021 සැප්තැම්බර් 02 වන දින විශ්වවිද්‍යාලයෙ උපකුලපතිවරයාගේ මැදිහත් වීමෙන් මෙය සිදු කර ඇතැයි පැවැසේ. එසේ නමුත් ඊටත් බොහෝ කලකට පෙර සිටම මෙම කෞතුකාගාරය විටින් විට  වසා තැබීම සිදුව තිබෙන බවත් දැන ගැනිමට තිබේ.

මේ පිළිබඳ ව අප කළ සොයා බැලීමකදී දැන ගන්නට ලැබූණේ මෙම කෞතුකගාරයෙ හි තැන්පත් කර තිබූ අතිශය වටිනා කෞතුක භාණ්ඩ ගනනාවක් අතුරුදන් වීම සහ සහ ඒ පිළිබඳ හෙළිදරව් වීම වැලැක්වීම මෙයට හේතු වී ඇති බවය.

වසර කිහිපයකට පෙර මෙම කෞතුකාගාරය බාරව සිටි අදාල විශ්ව විද්‍යාල ආචාර්යවරයා එම සේවයෙන් ඉවත්ව යාමෙන් පසුව නව ප්‍රධානියා ලෙස වසර තුනකට පමණ පෙර පත්වූ විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යානාංශයේ මහාචාර්යවරයා යටතට  කෞතුකාගාරය තිබේ. එහෙත් ඔහු කෞතුකාගාරය බාර ගැනීමට පෙර මෙම කෞතුකාගාරයේ ඇති කෞතුක භාණ්ඩ පිළිබඳව ලැයිස්තු ගත කිරීමේදී එහි පැවැති බවට පෙර ලේඛන වල සඳහන් කෞතුක භාණ්ඩ ‍රැසක් අතුරුදන්ව ඇති බව හෙළිව තිබේ. 

මේ අනුව මෙම වසරේ ජනවාරි මස මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක්ද දමා ඒ් ගැන විමර්ශනය කරන ලෙස ඉල්ලා තිබේ.

එසේම මීට පෙර 2020 වසරේදී විගනකාධිපති දෙපාර්තමේන්තුව කෞතුකාගාර භාණ්ඩ ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් කළ විමසුමකදී හෙළිව ඇත්තේ වසර ගනනාවකින් මෙම ලැයිස්ගත කිරීම් හෝ ලිපි ගොනු විගණනයක් හෝ සිදුකර නොමැති බවය. මෙය බරපතල සැකයට තුඩු දෙන්නක් බවද අවධාරණය කර තිබේ.

කෙසේ නමුත් කෞතුක භාණ්ඩ අතුරුදන් වීම පිළිබඳ පොලිස් පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වී නැති අතර විගණන විමසුම අනුව විශ්ව විද්‍යාල පරිපාලනය කටයුතු කර නැති බවත් එම පුරා විද්‍යා අධ්‍යයන අංශ සිසුන් පෙන්වා දෙයි.

කෞතුකාගාරය මුද්‍රා තබා, මෙහි බාරකාරිත්වය පැවැරී ඇති පුරාවිද්‍යා අධ්‍යානාංශයේ මහාචාර්යවරයාට ද ඊට ඇතුලු වීම තහනම් කිරීමට උපකුලපතිවරයා ප්‍රමුඛ පාලනාධිකාරිය කටයුතු කර ඇත්තේ මෙම වටිනා කෞතුක භාණ්ඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු යට ගසා දැමීමට විය හැකි බවටද එම සිසුන් සැක පහළ කරයි.

මෙම සෙනරත් පරණවිතාන නමින් පසුව නම් කෙරුණු මෙම පර්යේශන කෞතුකාගාරය ආරම්භ කළේද සෙනරත් පරණවිතාන ශූරීන් විසින්ය.

සෙනරත් පරණවිතාන මහතා 1957 දී මෙරට විශ්ව විද්‍ය ඉතිහාසයේ පළමු පුරා විද්‍යා පර්යේෂණ මහාචාර්යවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එකතුවීමෙන් පසුව 1960 පමණ වන විට පුරාවිද්‍යා විෂයය වෙනුවෙන් හැදැරීම් කටයුතු සහ පර්යේෂණ කටයුතු වෙනුවෙන් මෙම කෞතුකාගාරයක් ආරම්භ කළේය. එය විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළමු කෞතුකාගාරය වු අතර පසුව මෙම කෞතුකාගාරය මහාචාර්ය සෙනරත් පරණවිතාන කෞතුකාගාරය ලෙස නම් කරන ලදී .

මෙම කෞතුකාගාරය ආරම්භ කිරීමේදී කෞතුක භාණ්ඩ දහස් ගනනක් එකතු කර දීමද පරණවිතාන ශූරීන් විසින් සිදු කර තිබිණී.

කෙසේ නමුත් මෙරට පළමු පුරා විද්‍යා කොමසාරිස්වරයාද වන සෙනරත් පරණවිතාන මහතාගේ නාමයටත් කැළලක් සිදු කරමින් මෙම කෞතුකාගාරයේ පැවැති කෞතුක භාණ්ඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වහා සොයා බලා ඒවා අස්ථාන ගත කළවුණ්ට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීම විය යුතුය.

මේ භාණ්ඩ විශ්ව විද්‍යාල සිසුන්ගේ හැදැරීම් කටයුතු වෙනුවෙන් වූ සාමාන්‍ය දේ නොවේ. මෙරට පමණක් නොව ලෝකයටට වටිනා කෞතුක වස්තූන්ය. ඒ රටේ ඓතිහාසික උරුමයන්ය. රටේ උරුමය කොල්ල කන වුන් සහ ඊට සහය දෙන්නන් හැඳින්විය හැක්කේ දේශද්‍රෝහීන් ලෙසය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us