කොළඹ පිටත අධිවේගී මාර්ග කොටසේ කඩවත සිට කෙරවළපිටිය දක්වා ගමන් කිරීමේදී මධුමාධව අරවින්ද ගමන් කළ මෝටර් රථය මාර්ග බාධක කිහිපයක ගැටෙමින් ගමන් කර ඇති බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිවේගී මාර්ග කොට්ඨාස නිලධාරීන් විසින් ඔහු නවත්වා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
වෝටර් බැරියර් නමැති බාධක දහයක පමණ වාහනය ගැටී තිබෙන බවත් ඒ තුළින් සිදුව ඇති හානිය ලක්ෂ පහක් පමණ වන බවත් මේ වන විට ගණනය කර ඇතැයි සඳහන් වේ.
එම අවස්ථාවේදී අදාළ මෝටර් රථය නතර කර පරීක්ෂා කිරීමේදී රියදුරු ලෙස සිට ඇත්තේ මධුමාධව අරවින්ද බව රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් හඳුනාගෙන තිබේ. ඒ වන විට ඔහු බීමත්ව සිටින බවක් ද පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත. ඒ අනුව ඔහු බීමතින් සිටීදැයි තහවුරු කිරීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ ද පොලිස් නිලධාරීන් විසින් සිදුකර තිබේ.
අනතුරුව නීතිමය කටයුතු සඳහා ඔහු කඩවත පොලිස් ස්ථානයට භාරදී ඇත්තේ බීමතින් රිය පදවා අධිවේගී මාර්ගයේ බාධකවලට හානි කිරීම සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගැනීමටත් සමඟ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
-P.M