කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි.
දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පවතින නායයෑම් අවදානම තවදුරටත් පවති.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගාල්ල, බදුල්ල, හම්බන්තොට, කැගල්ල, මාතර, රත්නපුර, මහනුවර, මාතලේ, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක ඒ අතර වන බවයි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමටත්, රිය ධාවනයේදී ප්‍රවේසම් වන ලෙසත්ය.
-P.M