අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 2ක් වන අතර අපොස උසස් පෙළ අසමත් සංඛ්‍යාව ලක්ෂයක පමණ ප්‍රමාණයක් වන බැවින් මෙම සිසුන් ලක්ෂ 3ක ගේ අනාගතය සාර්ථක කරවීම සදහා මෙම කාර්යභාරය ඉටුකරන බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති රුචික අමරසේකර පවසනවා.
ඔහු මේ බව සදහන් කලේ මහනුවර ස්විස් හෝටලයේ දී ඊයේ (19) දින පැවැති නයිටා ආයතනයේ සිසු සිසුවියන් සදහා ප්‍රායෝගික පුහුණුව ලබා දීමට දායකත්වය සපයන සේවා යෝජක ආයතනවලට උපහාර දැක්වීමේ උත්සවයක දීය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු පවසන්නේ ,
විභාග අසමත් දරුවන් සමාජයෙන් කොන් වීමකට ලක් වීමත් ත්‍රිරෝද රථ රියදුරන් ලෙස තව වෘත්තීය කර ගැනීමට යන ප්‍රණතාවය වැඩි වශයෙන් පවතින බවත්, මෙම සිසුන් සදහා වෘත්තීය පුහුණුවක් ලබා දී සුදුසුකම් පරීක්ෂා කර NVQ 3 NVQ 4 වර්ගයේ පුහුණු සහතික ලබා දී ඔවුන්ට සැලකිය යුතු වැටුපක් ලබා ගෙන රැකියාව තුළ උසස්වීම් ලබා ගැනීමටත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම මගින් හැකිවෙන බවත් ය.