අමාත්‍යවරිය මේ බව පැවසුවේ වෝටර්ස් එජ් හෝටලයේ ඉකුත් 23 දා වන ජීවී දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ වනජීවී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි.
වන ජීවි දෙපාර්ත මේන්තුව මගින් සංවිධානය කළ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ මෙවර තේමාව වූයේ "සංරක්ෂණය සඳහා පරිසර පද්ධති කළමනාකරණය"ය. වනජීවී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ මෙවර තේමාව වන අපගේ වන සතුන් සහ ඔවුන්ගේ වාසස්ථාන මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය රටක් ලෙස අපට මතක් කරදෙන බව පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ, වනජීවී ආරක්ෂාව, සංරක්ෂණය සහ කළමනාකරණය යන කර්තව්‍යය භාර ගෙන ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශංසනීය ආදර්ශයක් සපයා ඇති බවත්, විද්‍යාත්මක පර්යේෂණ, ජාත්‍යන්තර සහයෝගීතාවය සහ නව්‍ය විසඳුම් පෝෂණය කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ කැපවීම දැකීමට ලැබීම සතුටට කරුණක් බවත්ය.