ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.
පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවැති විරෝධතාව අතරවාරයේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී කිහිපදෙනෙකු තුවාල ලැබීය.
මේ අතර රජය හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අද (27) දිනයෙන් අවසන් වන බවත් තෙවන පාසල් වාරය නොවැම්බර් මස 01 වනදා යළි ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ 31 යන දෙදින තුළ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු හිමිවෙයි.
-P.M