හුවාවි දකුණු ආසියානු නියෝජිත කාර්යාලයේ සභාපති පෑන් ජුන්ෆෙන් (Pan Junfeng) සමඟ පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඩිජිටල්කරණයට අනුවර්තනය වෙමින් සහ ඒ හා සම්බන්ධව වෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට හැකි බවයි
මේ සඳහා සම්බන්ධවන පාර්ශ්වකරුවන් අතර තාක්‍ෂණික දැනුවත්භාවය සහ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා හුවාවි සමාගම විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට උපකාර කළ හැකි ආකාරය පිළිබඳ ව මෙහි දී ඵලදායී සාකච්ඡාවක් දෙපාර්ශවය අතර පැවැත්විය. එමෙන්ම මේ සඳහා දෙපාර්ශවය අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් ධාරිතා සංවර්ධනයට පියවර ගත යුතු බව ද සාකච්ඡා වූ අතර, හුවාවි සමාගම ශ්‍රී ලංකාවට සිය විශේෂඥ සහාය සහ තාක්‍ෂණික විසඳුම් ලබා දීමට කැපවී සිටින බව පෑන් ජුන්ෆෙන් සඳහන් කර ඇත.
තවද මෙම වැඩසටහනේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා හුවාවි සමාගම අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට ද එකගත්වය පළ කර ඇත.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය තුළ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාමයි.
ශ්‍රී ලංකාව සඳහා දියුණු ඩිජිටල් ආර්ථික වැඩසටහනක් ස්ථාපිත කිරීම වෙනුවෙන් හුවාවි සමාගම ශ්‍රී ලංකාවට සහාය වීමට කැපවී සිටින බව ද, නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් තුළින් බොහෝ සංවර්ධන වැඩසටහන්වල පවත්නා ඩිජිටල් දුරස්ථභාවය අවම කිරීමටත්, මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කිරීම මගින් ආර්ථික වර්ධනයට දායක වීමටත් අවස්ථාව ලැබීම සතුටක් බව ද හුවාවි දකුණු ආසියානු නියෝජිත කාර්යාලයේ සභාපතිවරයා එහි දී වැඩිදුරටත් පවසා ඇත.
එමෙන් ම, මෙරට අධ්‍යාපන ක්ෂේත්රය තුළ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් තොරතුරු සාකච්ඡා කළ අතර, එම අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී ඩිජිටල් තාක්ෂණයේ තීරණාත්මක කාර්යභාරය ද අවධාරණය කර ඇත.
-RS