විධායක ජනාධිපති ක්‍රමය නොපමාව අහෝසි කළ යුතුයි - කරු ජයසූරිය

Published in පුවත්
Wednesday, 08 November 2023 16:28

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නොපමාවම පියවර ගැනීමට පෙරට එන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන හිටපු කතානායක කරු ජයසූරිය අවධාරණය කරයි.

''අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේ අපවත් වී වසර 08ක් ගතවන මෙම මොහොතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය උන්වහන්සේගේ නාමය ගෞරවයෙන් සිහිපත් කරමින් සමස්ත ජාතියෙන් ම ඉල්ලා සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නොපමාවම පියවර ගැනීමට පෙරට එන ලෙසටය.

එහිදී අප රජයට අවධාරණය කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීමට ව්‍යවස්ථානුකූල ලෙස පියවර ගන්නා ලෙසටය. ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවේ නම් එකී ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමින් 2024 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මේ රටේ අවසන් වරට පැවැත්වෙන ජනාධිපතිවරණය බවට රටට සහතිකයක් ලබා දෙන ලෙසටය.

විධායක ජනාධිපති ක්‍රමයෙහි අන්තර්ගත අත්තනෝමතික බලතල මඟින් මිලියන විසි දෙකක් වන මේ රටේ ජනතාවගේ ඉරණම එක් පුද්ගල බලාධිකාරයකට යටත් කිරීම කිසිසේත් ම අනුමත නොකළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ සැම විටම අපේක්ෂා කළේ ජනතා පරමාධිපත්‍ය බලය පාර්ලිමේනතුව හරහා ක්‍රියාත්මක කිරීම වඩා ප්‍රජාතන්ත්‍රවාදී සහ ශිෂ්ට සම්පන්න වන බවය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපතිවරයාට අත්පත් කර දුන් අසීමාන්තික බලයට ද වඩා 18 වන හා 20 වන ව්‍යවස්ථා සංශෝධන හරහා එකී බලය තව තවත් අසීමාන්තික ලෙස වර්ධනය කර ගැනීමට ගනු ලැබූ උත්සහයන් සැළකීමේ දී විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යමින් එහි බලය සීමා කරන්නට 17 හා 19 වැනි සංශෝධන මඟින් ගත් උත්සාහයන් ද ස්ථාවරව පවත්වාගෙන යාමට නොහැකි බව පැහැදිලිව පෙනී යන කරුණකි. එබැවින් මේරටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් කාලයක් පුරා ලබාදෙමින් සිටින පොරොන්දුව ප්‍රකාරව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වී තිබේ.

එමෙන් ම මෙයට වසර 08කට පෙර අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය ඉදිරිපිට මේ රටේ ප්‍රධාන දේශපාලන නායකයන් දුන් ප්‍රතිඥාව අනුව යමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ දක්වා ක්‍රියා නොකිරීම පිළිබඳව ද අපි කණගාටු වන්නේමු. එමෙන් ම එදා එම පියවර ගත්තේ නම් බොහෝ විට අද රට පත්ව තිබෙන ආර්ථික හා දේශපාලන බංකොලොත්භාවය වළක්වා ගැනීමට ද බොහෝ දුරට ඉඩක් තිබූ බව අපගේ හැඟීමයි.

එබැවින් අප නැවත නැවතත් අවධාරණය කරන්නේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ප්‍රාර්ථනය ඉටු කිරීම සඳහා කටයුතු කරමින් මේ රටේ අනාගත යහපැවැත්ම පිළිබඳව අපේක්ෂාවන් දල්වාගැනීමට කටයුතු කරමින් මෙරටේ ස්ථාපිත විධායක ජනාධිපි ක්‍රමය අහෝසි කිරීම සඳහා තවදුරටත් පමා කිරීම කිසිසේත් ම නොකළ යුතුව ඇති බවය."

 

කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.
2023 නොවැම්බර් 08 දින දීය.

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us