අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඒ සඳහා තමන් අද පෙරවරුවේ අත්සන් තැබූ බවයි.
අමාත්‍යවරයා පවසා සිටියේ මේ රටේ පොදු ජනතාවට අවශ්‍ය කරන තැපැල් සේවාව ලබා දීම සදහා තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ගැසට් නිවේදනයක් නිකුත් කරමිත් ක්‍රියාත්මක වන ලෙසටය. එමෙන්ම මෙම වර්ජනය කිසිදු පදනමකින් තොර වූ වර්ජයක් බවත් ඔහු පැවසීය.
තවද තැපැල් දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක පටන් කිසිම ලාබයක් නොලබන පාඩු ලබන රාජ්‍යායතනයක් බවත් එය පුද්ගලීකරණය නොකොට වඩාත් ඵලදායී කාර්යක්ෂම එහි ආදායම් ලබා ගැනීමට කටයුතු කරන බවත් කිසිසේත්ම තැපැල් ආයතන වසා නොදමන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් පල කල සිටියහ.