එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කුමන කරුණක් සිදුවුවද අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා කැපවන ලෙස ඊට අයත් සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.
අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පරමාධිපත්‍ය සුරැකීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැමවිට සලකන බැවින් එල්ලකර ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා අපක්ෂපාතී , ස්වාධීන පුද්ගලයින් පත්කර අදාළ චෝදනාවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකළ යුතු බව එම නිවේදනයේ සදහන්.
එමෙන්ම එකී චෝදනා සත්‍ය වුවහොත් ඉන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ඇති විශ්වාසය පළුදු වන බවත් ,කෙසේ වෙතත් මෙම චෝදනා අසත්‍ය බවට ඔප්පු වුවහොත් එය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අපරාධ චෝදනා වලට ලක්විය යුතු බවද එම නිවේදනයේ දැක්වේ.
එම නිවේදනය පහතින්,
-P.M