එම ආනයන තහනම පත්කර ඇත්තේ වාහන ආනයනයට ලබාදුන් මාසයක කාලය අවසන් වීම හේතුවෙන් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත්තේ.
අවසරය ලබා දී තිබූ මාසය ඇතුළත ආනයනය කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන බවත් එමෙන්ම මේ වනවිට කිසිදු වාහනයක් ආනයනයට අවසරයක් නැති බවත් අමාත්‍යවරයා පවසා ඇත.
එමෙන්ම වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට ද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් විශේෂ කමිටුවක් පත් කර තිබුණි.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, වාහනවල අවශ්‍යයතාවය, මාර්ගවල ඇති ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම හා වාහන ආනයනයට යන විනිමය ප්‍රමාණය යන කරුණු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන බවයි.
- RS