ජනාධිපති ලේකම්කමට ගැහැණියත් නීතියත් මාධ්‍යත් යටත් විය යුතුද?

Published in පුවත්
Thursday, 21 August 2014 21:50

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සංස්කෘතික හා කලා කටයුතු ඒකකයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු යැයි පවසන ලේක්හවුස් ආයතනයේ කළමනාකරුවකුවන වූ සමන් දිසානායක විසින් මීට වර්ෂ දෙකකට පෙර මිය ගිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලක වෙදමුල්ලගේ බිරිද වන චන්දි රණතුංග පෙරේදා (19) පැහැරගෙන ගොස් අමානුෂීය ලෙස පහරදී තුවාල සිදුකොට ඇත.

එහෙත් මේ සම්බන්ධයෙන් අද පුවත් පත් වාර්තා වල සඳහන් වුයේ ජීප් රථයක යමින් සිටි ලේක්හවුස් ආයතනයේ කළමනාකරුවකුට ටෙලි නිළියක විසින් පහරදුන් බව කියන පුවතකි. ඒ ඊයේ අධිකරණයේදී අදාල ලේකම්වරයා විසින් පැවසූ කරුනු කාරණ පමණක් පදනම් කොටගෙන සැකැසූ වාර්තාවකි.එමෙන්ම එම වාර්තා මඟින් ඉඟි කොට ඇත්තේ අදාල කාන්තාව අනාචාරයෙ හැසිරෙන්නකියක බවය.

එහෙත් සත්‍ය සිද්ධිය සම්බන්ධයෙන් ඇය පැවසූ කරුණු මෙසේය.

පසුගියදා එනම් පෙරේදා හැන්දෑවේ ඇය විසින් ලියා පළකිරීමට නියමිත පොතක පිටකවර නිර්මාණය පරීක්ෂා කිරීමට මහරගම ආයතනයක් වෙත ගොස් එළියට එනවිට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සමන් දිසානායක විසින් ඇයව බලහත්කාරයෙන් ඔහුගේ මෝටර් රථයට ඇදගෙන ගොස් දොරගුළු දමා තමා සමග විවාහ වන ලෙසත් නොමැති නම් අදම දෙකෙන් එකක් අවසන් කරන බවත් පවසා බත්තරමුල්ල අකුරේගොඩ පාළු ස්ථානයකට රැගෙන ගොස් ඇත.

එහිදී ලේකම් වරයා විසින් ඇයට ලිංගික බලපෑම් සිදුකිරීමට තැත් කළ බවත් ඊට එකග නොවූ විට වෙඩි තබන බවත් පවසා පිස්තෝලය ගෙන ඒමට මෝටර් රථයේ පසුපස දොර විවෘත කළ බවත් එවිට තමා අසල්වාසීන්ට ඇසෙන්නට තමන් බේරාගන්නැයි විලාප දුන් බවත් ඇය පැවසීය. ඊට පසුව ලේකම් වරයා වාහනයත් දමා පැන ගොස් මිරිහාන පොලීසියට තමට කාන්තාවක විසින් පහරදුන් බවට පැමිණිලි කර තිබේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිළි කිරීමට ඇය මිරිහාන පොලිසියට ගොස් ඇත. එහිදී ලේකම්වරයාගේ පැමිණිල්ල අනුව නිතියටත් එපිටින් ගොස් පොලීසිය කටයුතු කර තිබේ.

පොලිස් නිලාධාරීන් හා කාන්තා නිලධාරිනියන් විසින් තමාට වෙසඟනක ලෙස පරිබව කොට අමානුෂික ලෙස පහරදුන් බවත් ඒ අවස්ථාවේදී තමාගේ ගෙළ තදින් අල්ලා සිටි සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරියෙකුගේ අත තදින් සපා කා ඔහුගෙන් මිදුනු බවත් අනතුරුව පොලිස් ස්ථානය වෙත පැමිණි පසු පොලිස් ස්ථානාධිපතිවරයාට වැඳ තමාට සාධාරණයක් ඉටුකරන ලෙස දැනුම් දුන්නද ඒ වෙනුවට සිදුවූයේ තමා ඇදගෙන ගොස් කූඩුවට දැමීම බවත් සදහන් කළාය.

මෙම සිදුවීම් සියල්ල සමන් දිසානායක සිය දේශපාලන බලය යොදා සිදුකොට ඇති අතර ඒ සදහා ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් පට්ටම භාවිතා කොට ඇති බවටද තොරතුරු වාර්තා විය.

සංගීත විශාරදයකු වන මොහු ජනාධිපතිවරයාගේ සංස්කෘතික කටයුතු පිළිබඳ සම්බන්ධීකරන ලේකම්වරයා වන අතර පසුගිය වසරේ ඔක්තොබර් මාසයේදීද රණතුංග මහත්මිය පැහැර ගෙන යාමට ගත් උත්සාහය නිසා ඔහුගේ තනතුර අහෝසි කළ බව පැවැසුනද ඔහු මේ වන තෙක් පෙනී සිටින්නේ ජනාධිපති සම්බන්ධීකරන ලේකම්වරයා ලෙස මෙන්ම රජයේ වාහනද පාවිච්චි කරමින්ය.

අත් අඩංගුවට ගෙන සිටි ඇයව පොලිසිය මගින් ඊයේ(20) උදෑසන ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ඒ පොලීසියේ රාජකාරියට බධාකළ බවත් පොලිස් කොස්තාපල්වරියකගේ අත සපා කෑ බවත් චෝදනා කරමින්ය. කෙසේ නමුත් ඇයට ඇප ලබා දීම අධිකරණය සිදු කළේය.

පසුව ඊයේ සවස ඇය ළමා කාන්තා කාර්යංශයට ගොස් ඇත්තේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු හා ලේක් හවුස් ආයතනයේ කළමනාකරුවකු වන සමන් දිසානායක නැමැත්තාගෙන් හා මිරිහාන පොලිස් නිලධාරින්ගෙන් තමන්ට සිදුවූ ලිංගික බලපෑම් හා වද හිංසා සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටය.

එහෙත් ඇගේ පැමැණිල්ල භාර ගැනීමට නොහැකි බව ඔවුන් පවසා ඇත. ඊට හේතු වශයෙන් ඔවුන් සදහන් කොට ඇත්තේ ජනාධිපතිවරයාට සම්බන්ධ නිළධාරියකුට එරෙහිව පැමිණිළි භාරගැනීමට නොහැකි බවයි.

එසේම පොලීසියට විරුද්ධව ද පැමිණිලි භාර ගැනීමට නොහැකි බව ද එම නිළධාරිනියන් පවසා ඇත්තේ තමන්ට අනවශ්‍ය කරදර වලට මුහුණ පෑමට සිදුවන බව පවසමිනි.

කෙසේ නමුත් අදාළ නිලධාරිනියන් විසින් පැමිණිල්ල ලියා ගැනීමට නොහැකි බව පැවසීම නිසා ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බව චන්දි රණතුංග මහත්මිය දැන්වීමෙන් අනතුරුව අදාළ නිලධාරිනියන් විසින් කඩදාසි කැබැල්ලක පැමිණිල්ල ලියා ගැනීමට සැරසී ඇත.

එයටද විරෝධය දක්වා ඇය පවසා ඇත්තේ පැමිණිලි පොතෙහි මෙය ලියාගන්නා ලෙසයි.පසුව ඇයගේ දැඩි විරෝධය මත එම පැමිණිල්ල අදාල පොතෙහි ලියා ගැනීමට පොලිස් නිළධාරීනියන්ට සිදුව තිබේ.


මේ සිදුවීම අරභයා පෙනෙන්නට තිබෙන්නේ රටේ නීතියත් සදාචාරයත් ජනාධිපතිවරයාගේ බලයට යටතව පත්ව තිබෙන ඛේදනීය තත්වයයි. ඕනේම පඟර නැට්ටෙකුට තමන් ජනාධිපති සම්බන්ධීකරන ලේකම්වරයකු හෝ ජනාධිපතිවරයාගේ නෑකමක් හෝ පවසා ඕනැම පර වැඩක් කිරීමටත් ඉන් නිදහස් වීමේ හැකියාව උදා කර තිබේ.

චන්දි රණතුංග කියන්නේ අපිට සංස්කෘතික දෙපාර්තමේන්තුවේදී නිතර හමුවූ රජයේ නිළධාරිනියකි. එමෙන්ම කලා ක්ෂේත්‍රයේද අපට හමුවන සුහද කලාකාරිනියකි. සමාජයේ යම් හැකියාවක් සහිත චන්දිලාටත් මුහුණ දීමට සිදුවන්නේ මේ කාලකණ්නි සහගත බවට නම් රටේ කිසිදු වරප්‍රසාදයක් නොලබන ගැහැනුන් සම්බන්ධයෙන් වන තත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us