එසේම පීලි පැන ඇඳ වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් ජනතාව වෙහෙසෙන විට එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත.
දේශපාලන වාසි ලබා ගත හැකි කරුණු බව ඉලුප්පා කටයුතු කිරීම අසාර්ථක බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
මිත්‍යාව පැතිරීම නවත්වමු. රට ගැන හිතමු. රට ශක්තිමත් වූ පසු දේශපාලන මත ගැන හිතමු. මේ යන මාර්ගය නිවැරදි බව පසුගිය වසර තුළ සිදු කළ ක්‍රියාකාරකම් වලින් තහවුරු වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
-P.M