අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ  සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සාර්ථකව අවසන්, ජනපතිට ප්‍රසාදය

Published in පුවත්
Friday, 12 January 2024 20:27

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (11) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබ පැතුම් එක් කළ නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය සිදු කර ඇති අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇගයිමට ලක් කළේය.

එසේම ආසියාව තුළ ප්‍රමුඛ ස්ථානයට පත් වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ.

විශේෂයෙන් ප්‍රතිපත්ති-නැඹුරු විචල්‍යයන් සහ මූල්‍ය ක්ෂේත්‍රයන්හි ස්ථාවරත්වය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් දිරි ගැන්වීමක් ලැබී ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්  (Peter Breuer) සඳහන් කළේය.

2022 දෙවන භාගයේදී මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට එළැඹීමෙන් පසු ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති අනුව ශ්‍රී ලංකාව විසින් බලාපොරොත්තු සහගත ලෙස ආදායම් ඉහළ නංවාගෙන ඇති බව පසුගියදා පැවති රැස්වීමකදී අනාවරණය වූ බවත්, එමඟින් ජාත්‍යන්තර ප්‍රජාව, නිල ණය හිමියන් සහ පුද්ගලික ණය හිමියන් සමඟ විශ්වාසය ඉහළ නැංවීමට හේතු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පෙන්වා දුන්හ.

උද්ධමනය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීම මඟින් ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව ද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී  අවධානය යොමු වූ බවත්,  මූල්‍ය ප්‍රතිපත්තියේ සහ වියදම් කපා හැරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති එයට හේතු වු බවද සඳහන් කෙරිණ. මෙරට විදේශ සංචිතවල ඉහළ යාම වැනි ධනාත්මක ප්‍රතිඵල ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරීක්ෂණය කර ඇත. 

විශේෂයෙන්ම ප්‍රාග්ධනය සහ යාන්ත්‍රණ ගොඩනැඟීම තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනයට දායක වී ඇති බවත් එය දැනට පවතින පාලන යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ තුළ ධනාත්මක දර්ශකයන් ලෙස සටහන් වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  එහි ඉදිරි විධිමත් සමාලෝචනය සහ 4 වැනි වගන්තිය යටතේ සිදු කරනු ලබන උපදේශනය සිදු කිරීමට සැලසුම් කරන බැවින්, නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිය, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය පිළිබඳ නීතිය සමඟ ඇති විය හැකි ගැටුම්, විදුලි ගාස්තු සහ දේපල බදු අය කිරීම යනාදිය ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර අතරට ඇතුළත් වේ.

පවතින ප්‍රතිසංස්කරණ, මූල්‍ය ගැටලු විසදා ගැනීම සහ පාලන න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාම පිළිබඳ කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම ද  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙහිදී අවධාරණය කළහ.

බැංකු පනත සඳහා සංශෝධන සිදු කිරීම සහ බැංකු ක්ෂේත්‍රය ප්‍රතිප්‍රාග්ධනය කිරීම ඇතුළු රාජ්‍ය මූල්‍ය කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ හදිසි අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

පාලන යාන්ත්‍රණය පිළිබඳව ද අවධානය යොමු කරමින්, දූෂණ විරෝධී කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීම සහ  ඊට අදාළ  ක්‍රියාකාරී සැලසුම් ප්‍රකාශයට පත් කිරීම මෙන්ම එහි කොමසාරිස්වරුන් තෝරා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයින් සතු නිපුණතා වැඩි දියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ධාරිතා සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හවුල්කාරිත්වය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්විය.

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා තීරණාත්මක වන රාජ්‍ය සේවයේ ධාරිතාව ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණයි. මේ වන විට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය පළ කර ඇති අතර ඊට අදාළ සාකච්ඡා ඉදිරි සතිවලදී සිදු කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරට රැඳී සිටින කාලය තුළ, මෙම ප්‍රධාන ක්ෂේත්‍රයන් පිළිබඳව ගැඹුරින් සොයා බැලීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා සිදු කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ අභියෝග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සිදු කිරීමට ද අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කෙරිණි.

11

22

55

77

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us