දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරනවා - අනුප පැස්කුවල්

Published in පුවත්
Tuesday, 30 January 2024 18:09

අස්වැසුම ප්‍රතිලාභීන් අතුරින් ලක්ෂ 3ක පිරිසක් මේ වසර තුළ සවිබල ගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල්  පවසයි.

“අලුත් ගමක් අලුත් රටක් ව්‍යවසායක රාජ්‍යයක්” යන සංකල්පය යටතේ මෙය සිදුකරන බව හෙතෙම පැවසීය.

එසේම ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමත්වූවන් 10,000ක් විදේශගත කිරීම සිදු කරන බව ද තවත් විදේශ රැකියා ලක්ෂයක් මෙම වසරේ ලබාදීමට සැලසුම් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මෙසේ ද පැවසීය.

මෙම වසරේ අපට තිබෙන ප්‍රධානම කාර්යය වන්නේ, අස්වැසුම නම් වූ සමාජ ආරක්ෂණ ක්‍රමවේදය ලක්ෂ විස්සක් වන ප්‍රතිලාභීන්ට ලබාදීමයි. “අලුත් ගමක් අලුත් රටක් ව්‍යවසායක රාජ්‍යයක්” යන සංකල්පය යටතේ දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල  ගැන්වීමට  ද අපේක්ෂා කරනවා. එයින් ලක්ෂ 03ක් සවිබල ගැන්වීම මෙම වසර තුළ සිදු කරනවා.

මෙහි දී ප්‍රතිලාභීන් වෙත මුදල් ලබා දීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ඔවුන් සවිබල ගැන්වීම අපගේ මුඛ්‍ය පරමාර්ථය වනවා. ඒ සඳහා මෙතෙක් පැවති ක්‍රමවේදය වෙනස් කිරීමට ද අප තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශ රැකියා ලබාදීම ද අප සිදු කරනවා. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමතුන් 10,000ක් විදේශගත කිරීම සිදු කරනවා. ඊට අමතරව විදේශ රැකියා ලක්ෂයක් ලබාදීමට ද ඉලක්ක කරගෙන සිටිනවා.

ඒ වගේම ප්‍රතිලාභීන්ට වෘත්තීය පුහුණු සඳහා ප්‍රතිපාදන ලබාදීමට අප සූදානමින් සිටිනවා. තවද කෘෂිකර්මය සඳහා අවශ්‍ය අපනයන බෝග වගා කිරීම සඳහා යොමු කරවීම ද සිදු කරනවා. විදේශ වෙළඳ පොල ඉලක්ක කරගනිමින් ප්‍රධාන වශයෙන් තේ, කුරුඳු සහ ගම්මිරිස් වැනි භෝග කෙරෙහි එහිදී අවධානය යොමු කරනවා. ව්‍යවසායක අරමුදලක් ආරම්භ කිරීමට ද අප විසින් යෝජනා කර තිබෙනවා.  

එමෙන්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ද සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා සමෘද්ධි නිලධාරීන් සහ කළමණාකරුවන් 25,000කට අධික පිරිසකට උසස්වීම් ලබා දීමට කටයුතු කරනවා. ඒ අතරින් 2000කගේ පමණ උසස් වීම් ලබාදීම ලබන අප්‍රේල් මාසය වන විට සිදු කරනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් වනවා වෙනුවට, ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය කරන ආයතනයක් බවට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අරමුණයි. 

එසේම තරුණ ප්‍රජාව තවදුරටත් වෘත්තීය පුහුණුව සඳහා යොමු කරවීමට චීනය සමඟ ද ගිවිසුම් තුනකට අත්සන් තබා තිබෙනවා.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us