හිමාලයේ දැඩි ශීතල මැද බවුන් වඩපු යෝගිතුමාගේ වීඩියෝව ඇත්තක් !

Published in පුවත්
Monday, 26 February 2024 11:26

හිමාලය ආශ්‍රිතව හිම වැටෙන අධික ශීතලේ කිසිදු උඩුකය ආවරණයක් නොමැතිව බවුන් වඩන යෝගීවරයෙකුගේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් තිබේ.

ඒ අනුව බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කොට තිබුණේ AI තාක්ෂණය ඔස්සේ මෙය නිර්මාණය කොට ඇති බවය.

නමුත් ඉන්දීය මාධ්‍ය මේ පිළිබද විමර්ශනයක් කොට වාර්තා කොට ඇත්තේ අදාළ වීඩියෝව සත්‍ය එකක් බවත්, එහි සිටින්නේ හිමාලය ප්‍රදේශයේ වසර 20ක කාලයක් පමණ බවුන් වඩන සත්යේන්ද්‍ර යෝගිතුමා බවත්ය.
හිමාචල් ප්‍රදේශ් හි කුල්ලු හි අධ්‍යාත්මික සංවිධානයක් වන කෞලන්තක් පීත්, මෙම සමාජ මාධ්‍යයේ සැරිසරන විඩියෝවේ ඇති යෝගියා සත්‍යේන්ද්‍ර නාත් ලෙස හඳුනාගෙන එය ව්‍යාජ වීඩියෝවක් නොවන බව ප්‍රකාශ කර තිබේ.

Kaulantak Peeth කියා සිටියේ සත්‍යේන්ද්‍ර නාත් ඔවුන්ගේ සංවිධානය සමඟ දැනට වසර කිහිපයක සිට සම්බන්ධ වී සිටින බවයි. අදාළ වෛරස් වීඩියෝව රූගත කර ඇත්තේ සත්‍යේන්ද්‍ර නාත්ගේ ගෝලයෙකු වන රාහුල් විසිනි,

පෙබරවාරි මාසයේ මුලදී, සත්‍යේන්ද්‍ර නාත් රාහුල් සහ සවර්නිනාත් ඇතුළු ඔහුගේ ගෝලයන් සමඟ මාසයක් කුල්ලු දිස්ත්‍රික්කයේ සෙරාජ් නිම්නය වෙත ගමන් කර ඇති බවත් ඔවුන්ගේ සංචාරය අතරතුර එක් දිනක දරුණු හිම කුණාටුවක් ඇති වූ අතර එය සත්‍යේන්ද්‍ර නාත්ට ඒ ගැන දැනුම් දීමට ගෝලයන් දෙදෙනා පෙලඹ තිබිණ බවත් ඉන්දීය ආරංචිමාර්ග පවසයි එහි වැඩිදුරටත් දන්වා තිබුනේ සත්‍යේන්ද්‍ර නාත් සමඟ කතා කිරීමට ගිය විට, ඔහු හිමෙන් වැසී ගිය කඳුකරයේ ගැඹුරු භාවනාවක සිටිනු දැකීම නිසා ඔහුගේ වීඩියෝ පටිගත කිරීමට තීරණය කර ඇති බවයි.

- රංජනා සෙව්වන්දි 

Last modified on Monday, 26 February 2024 19:41

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us