අවශ්‍ය ද්‍රව්‍ය
කිරි පිටි පුරවල තේ හැඳි 2
තේ කොල තේ හැඳි 1
සීනි තේ හැඳි 2 (පැණිම පැණි රසට තේ බොනව නම් ඕක වැඩි කරගන්න. අඩුවෙන් සීනි බොන කෙනෙක් නම් අඩු කරගන්න. මේ තමා නියම ගාණ.)
සාදන ක්‍රමය:-
තේ කොල ටික දාගත්තු කෝප්පෙට වතුර 200ක් උතුරපු ගමන්ම දාගන්න.
ඒ කියන්නෙ ලිප නිවපු ගමන්ම. තේ කොළ වල නියම රස සහ කහට ගන්න නම් සෙල්සියස් 95ට රත් වෙච්ච වතුර වලින් තැම්බෙන්න ඕනෙ. දැන් ඒක විනාඩි 5ක් වහල තියන්න.
ඒ අතරතුර වෙනම කෝප්පෙක පිටි ටිකයි සීනි ටිකයි හොඳට මික්ස් කරගන්න.
දැන් අර තැම්බෙන්න තිබ්බ කහට වලින් ටිකක් පිටි එකට දාගෙන ක්‍රීම් එකක් වෙනකම් හොඳට හැන්දෙන් කලවම් කරගෙන ඉතුරු කහට ටිකත් දාල තේ බොන්න ගන්න කෝප්පෙට පෙරාගන්න.
ඔන්න තේ එක හදල ඉවරයි.
හැබැයි මතක තියාගන්න මේ සේරටම විනාඩි 6ක 7කට වඩා කාලයක් ගත නොකරන්න.
නැත්නම් එහෙට මෙහෙට වෙවී තේ හදන්න ගිහින් අන්තිමට බොන්න වෙන්නෙ ඇල් වෙච්ච තේ එකක්.
මසාල ටී / මසාල චායි
අල්ලපු රටේ බොහොම ජනප්‍රියයි. දැන් දැන් මෙහෙ කට්ටියත් මේකට වහ වැටිල. ඔන්න නොදන්න කෙනෙක්ට හදන හැටි කියල දෙන්නම්. එක එක්කෙනා එක එක ක්‍රමේට හදන මසාලා චායි ලේසියෙන්ම මෙහෙම හදාගන්න. මේ එක තේ කොප්පෙකට ඕන ප්‍රමාණය.
තේ හදන වතුර ටික රත් වෙන්න තියන්න කලින් මේ ටික දාගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය-
කරදමුංගු ඇට 1
කරාබු නැටි 2
කුරුඳු අඟලක්
තලාගත් ඉඟුරු පෙත්තක්
ගම්මිරිස් ඇට 3ක්
ස්ටාර් අනීස් බාගයක් (තියෙනවනම් විතරක්)
මේ දේවල් දාගෙන වතුර ඉතිරුවට පස්සෙ කලින් වගේම තේ එක හදාගන්න.
මයිලෝ තේ
රසම රස මයිලෝ තේ එකක් හදාගන්න නම් අර පිටි මික්ස් එකටම මයිලෝ පුරෝපු තේ හැඳි 2ක් දාගන්න.
ඒකටම කුරුඳු කුඩු එහෙමත් නැත්නම් කෝපි (නෙස්කැෆේ නම් වඩා හොඳයි) පොඩ්ඩකුත් එකතු කරගත්ත නම් වෙනස්ම රසක් ගන්නත් පුළුවන්.
ඉගුරු ප්ලේන්ටි
ඉඟුරු දාල ප්ලේන් ටී බිව්වට කිරි තේ බීල නෑ නේද? කිරි තේ එකක් හදාගෙන ඒකට ඉඟුරු පෙත්තක් දාල බීල බලන්න. හැමදාම බොන කිරි රසට ඉඟුරු රස එකතු උනාම එන්නෙ වෙනස්ම නැවුම් රසයක්.
සයිවර් කඩේ එළකිරි තේ
පිටි කිරි වලට වැඩිය එළකිරි දාල හදන තේ එකක් රස වැඩියි. සයිවර් කඩේ කිරි තේ එකට කට්ටිය වැඩියෙන් මනාපයක් දක්වන්නෙ ඒකනෙ.
එළකිරි දාල තේ හදනවනම් කෝප්පෙන් 3\4ක් කහට දාල ඉතුරු 1\4කට උණු කරගත්ත කිරි එකතු කරගන්න. හැබැයි වතුර මික්ස් වෙච්ච එළකිරි නැතුව හොඳ එළකිරි එකතු කරනව නම් තමා මේ ප්‍රමාණය.
මිල්ක්මේඩ් තේ
එළකිරි නැත්නම් මෙන්න නියම රසක් ගන්න පුළුවන් තේ එක. සීනි ඕනෙත් නෑනෙ. කහට තේ කෝප්පෙකට මිල්ක් මේඩ් මේස හැඳි 1 1\2ක් එකතු කරගන්න.
තායි ටී
මේක අපේ වගේ රස්නෙ රටකට කියාපු තේ එකක්. කූල් කරල බොන හින්ද දවාලකට උනත් කෙනෙක්ට පිළිගන්වන්න පුළුවන්.
තේ කොළ තේ හැන්දකට උණු වතුර කෝප්පයක් දාල විනාඩි 5ක් වහල තියන්න. ඒකටම සීනි තේ හැඳි 2කුත් එකතු කරන්න. නිව්නට පස්සෙ ෆ්‍රිජ් එකට දාන්න අවශ්‍ය වෙලාවට ගන්නකම්.
පිළිගන්වන කොට වීදුරුවකට අයිස් කැට පුරව ගන්න වීදුරුවෙන් 1\4ක්. ඒකට උඩින් අර කලින් හදාගත්තු කහට එකතු කරන්න වීදුරුවෙන් 3\4ක් පිරෙනකම්.
ඒකට උඩින් මිල්ක් මේඩ් මේස හැන්දකුයි උකුවට හදාගත්තු පිටිකිරියි එකතු කරගන්න වීදුරුව පිරෙනකම්.
Cocktail stirrer එකක් එකක් හරි දිග හැන්දක් එක්ක හරි පිළිගන්වන්න බොන කෙනාටම මික්ස් කරගන්න පුළුවන් විදියට.
අන්තර්ජාලය ඇසුරිනි