තෙල් මිළ පහළ යන ලකුණු

Published in පුවත්
Tuesday, 27 February 2024 08:13

යුන­යි­ටඩ් පෙට්‍රෝ­ලි­යම් ඔස්ට්‍රේ­ලියා සමා­ගම මෙරට වෙළෙ­ඳ­පො­ළට ඛනිජ තෙල් නිෂ්පා­දන සැප­යීම සඳහා බල­ශක්ති අමා­ත්‍යාං­ශය සමඟ ගිවි­සුම්ගත වී තිබෙන බව වාර්තා වනවා.

එම සමා­ග­මට ඛනිජ තෙල් නීති­ගත සංස්ථා­වට අයත් සිපෙට්කෝ පිර­වු­ම්හල් 150ක් මෙම ගිවි­සුම හරහා පවරා ඇති අතර, ඊට අම­ත­රව නව පිර­වු­ම්හල් 50ක් ඉදි­ කි­රී­ම­ටත් අව­සර හිමිව ඇති බවයි පැවසෙන්නේ.

එම සමා­ගම ‘යුන­යි­ටඩ් පෙට්‍රෝ­ලි­යම් ලංකා ලිමි­ටඩ්’ ලෙස මෙරට ලියා­ප­දිංචි කර ඇති අතර ඉන්ධන බෙදා හැරීමේ මෙහෙ­යුම් නුදු­රේ­දීම ආරම්භ කරන බව විදු­ලි­බල හා බල­ශක්ති අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කළේ.

ඉන්ධන වෙළ­ඳාම සම්බ­න්ධ­යෙන් එම සමා­ගම සහ විදු­ලි­බල සහ බල­ශක්ති අමා­ත්‍යාං­ශය අතර ගිවි­සුම පසු­ගිය 22 වැනිදා අත්සන් තබා ඇත.

මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඊයේ දිනයේත් අඩුවී ඇති බවයි.

මේ අතර ඉන්ධන මිල සුත්‍රයට ඉදිරියේ දී සහනයක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මිල සුත්‍රය තුළ රජයට ලැබෙන 4%ක් වූ ලාභංශය අඩුකර ජනතාවට එම සහනය ලබාදීමට කටයුතු කරන බවය.

"සියයට බිංදුවේ සිට 4 දක්වා වූ ලාභාංෂය අඩුකර වියදම් විතරක් ආවරණය වන ආකාරයට මිල සුත්‍රය ක්‍රියාත්මක කරන්න තමා අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, අනෙකුත් LIOC සහ සයිනොපෙක් සමග තරග කිරීම සඳහා අර 4% භාවිතයට දෙන්න අපි උත්සාහ කරන්නේ. මෙච්චර කල් අපිට තිබුණේ 4%ම තියලා පැරණි තිබුණ ණය, බැංකුවලට තිබුණ ණය හිලව් කිරීම සඳහා පසුගිය අවුරුද්දේ අපිට හැකියාව ලැබුණා මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීම නිසා. ඒ ලැබුණ වාසිය ජනතාවට ලබාදීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී කඩිනමින් කටයුතු කරන්න. දැන් අපි උපරිම සිල්ලර මිල ගැසට් කරන්නේ අමාත්‍යාංශයෙන්. එතකොට ඒ උපරිම මිලට තමා CPC එක සහ LIOC එක බොහෝ වෙලාවට යන්නේ. ඊට අඩුවෙන් විකුණන්නේ සයිනොපෙක් එක විතරයි. මේකෙදි හෝ ඊළඟ මිල සුත්‍රයේ දී අපි බලාපොරොත්තු වෙනවා CPC එකටත් උපරිම මිල තියෙද්දි ඊට අඩු මිලකට ඔවුන්ට තරග කරන්න අවස්ථාව දෙනවා."

-P.M

Last modified on Tuesday, 27 February 2024 08:59

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us