බදුල්ල බලා ගමන් කළ දුම්රියක සිටි සංචාරකයන් දෙදෙනෙකුට දුම්රිය සේවකයන් විසින් පහරදී තිබුණේ ඊයේ දිනයේදීය.
මෙලෙසෙ පහර දී තිබෙන්නේ එම සංචාරකයන් දෙවන පන්තියේ ප්රවේශ පත්ර ලබාගෙන පළමු පන්තියේ ගමන් කිරීම හේතුවෙන් ඇති වූ මත ගැටුමකිනි.
එම අවස්ථාවේදී අදාළ සංචාරකයන් දෙදෙනාට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයින් පහර දී දුම්රියෙන් එළියට ඇද දමා ඇත.
කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණ ක්රියාත්මක වීමෙන් අනතුරුව මෙම සේවකයන් දෙදෙනාගේ වැඩ තහනමට ලක් විය.
-P.M