හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පරිසර උද්‍යානය ජනතා අයිතියට

Published in පුවත්
Thursday, 14 March 2024 14:20

මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, හෝලුවාගොඩ ඉදි කළ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය  ඊයේ  (13) පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.

2021 වසරේදී ඉදිකිරීම් ඇරඹූණු මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුතු පුරන්වූ කෙත් යායක ඉදිකර තිබේ.

කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ සැලසුම්  නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස්කර ඇති අතර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.

ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 440කි. වැවක්, ඇවිදින මංතීරු, යකඩ පාලම්, ළමා උද්‍යාන, වෙළඳ කුටි, පරිසර පද්ධති ආදියෙන් මෙම උද්‍යානය සමන්විත වන අතර ඒ සඳහා විදුලිය ලබාදීම  ‍සූර්ය බලශක්තියෙන් සිදු කෙරේ.

ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික භෝග හා අනෙකුත් නිෂ්පාදන අළෙවි කිරීමේ වැඩපිළිවෙක්ද මේ හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඉදිරියේදී සංචාරක කර්මාන්තය මූලික කරගනිමින් මෙම උද්‍යානයේ සිට වක්වැල්ල, වටරැක හා ගාල්ල දක්වා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

එමෙන්ම දශක ගණනාවක සිට හෝලුවාගොඩ, ඕපාත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර තත්ත්වය පාලනය කිරීමද මෙම උද්‍යානය මඟින් සිදුවේ.

මෙම පරිසර උද්‍යානය ඉදිකිරීමේ කටයුතු සාර්ථක කර ගැනීමට දායක වූවන්ට  තිළිණ පත් ප්‍රදානය කිරීම ද මෙහිදි ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

මෙම ව්‍යාපෘතිය ආර්ථිකය දියුණු කරන වැඩසටහනක්. අප දැන් අවධානය යොමු කළ යුත්තේ මෙවැනි වැඩසටහන් පිළිබඳවයි. අද ගාල්ල ප්‍රධාන සංචාරයක ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. එය අප තවත් දියුණු කළයුතුයි. මේ තුළින් මෙම ප්‍රදේශවල ජනතාවට විශාල ආදායමක් ලබාගත හැකියි.

සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා වගේම අප පරිසරය ආරක්ෂා කරගත යුතුයි.  මෙවැනි උද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙනම පනත් කෙටුම්පතක් සම්මත කිරීමටත් බලාපොරොත්තු වෙනවා. නැතිනම් විවිධ ගොඩනැගිලි ඉදිකරමින් මෙම පරිසර උද්‍යානයේ අලංකාරය නැති කිරිමට පුද්ගලයන් කටයුතු කරනවා.

අප සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමේදී  එහි සුවිශේෂී ස්ථානයක් දකුණු පළාතට හිමි වෙනවා. ගාලු කොටුවේ තිබෙන සියලු රජයේ කාර්යල එයින් ඉවත් කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දීමට අප කටයුතු කරනවා. ඒ වගේම මහ මෝදර, ගාල්ල බන්ධනාගාරය පැවති ස්ථාන සංචාරක කලාපයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල මෙරට ප්‍රධාන සංචාරක නගරය බවට පත් වෙනවා.

සංචාරක ව්‍යාපාරය රටට ඉක්මණින් ආදායම් උපයා දෙන ක්ෂේත්‍රයක්. මුහුදු සීමාව තුළ පවතින සංචාරක ව්‍යාපාරය රට තුළට ගෙන ඒමට මෙවැනි ව්‍යාපෘති මහත් රුකුලක් වෙනවා. මුහුදුකරයට පමණක් සංචාරක ව්‍යාපාරය සීමා විය යුතු නැහැ. අපි රටට සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට මෙන්ම වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් ද ගෙන්වා ගැනීමට කටයුතු කළයුතුයි.

රටේ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීමට හැකිවනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. වසර දෙකකට පෙර ඉන්ධන තිබුණේ නැහැ. පොහොර, ඖෂධ තිබුණේ නැහැ. අද ඒ සියල්ල තිබෙනවා. ඒ වගේම ජනතාව මුදල් උපයනවා.

ඒ වගේම කුරුඳු වගාව පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. තේ බෝගයට සුදුසු තැන් වල තේ වගා කර අනෙක් ස්ථානවල කුරුඳු වගා කිරීමෙන් ඉහළ ආදායමක් උපයාගත හැකියි. එමෙන්ම තාක්ෂණ අධ්‍යාපනය ලබා දෙන ආයතන මේ ප්‍රදේශවලට ගෙන ඒමට අප සැලසුම් කර තිබෙනවා. මෙම කටයුතු සමග ගාල්ල විශාල දියුණුවකට ලක්වනු ඇතැයි අප විශ්වාස කරනවා.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

මනස සුවපත් කරන මෙවැනි උද්‍යාන මීට පෙර හිමිව තිබුණේ අගනුවරට පමණයි. අද වන විට පාරිසරික උද්‍යානයක පහස විඳගැනීමට ගාල්ලේ ජනතාවට හැකිවී තිබෙනවා . ආර්ථික අර්බුදය පැවැති පසුගිය කාලයේ සංවර්ධනය අඩාල වූ බව අප කවුරුත් දන්නවා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනගිය ආර්ථික වැඩපිළිවෙළ නිසා නැවත රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා.

වසර 65ක් පුරා ප්‍රතිසංස්කරණය නොවූ ගාලු පුරහල ප්‍රතිසංස්කරණය කිරීමට අප කටයුතු කළා. එකම සම සෞඛ්‍ය පීඨය ගාල්ලේ ඉදිවෙමින් තිබෙනවා. නව අධිකරණ සංකීර්ණයේ වැඩකටයුතු 80%ක් පමණ අවසන් කර තිබෙනවා.  එය  ලබන ජුනි මාසයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. 2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ "හෙල්මුට්කෝල්" මාතෘ රෝහලේ වැඩ කටයුතු අවසන් කර තිබෙනවා. එය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයක් ලබන 27 වෙනිදා විවෘත කිරීමට නියමිතයි. කරාපිටිය ශික්ෂණ රෝහලට නව වකුගඩු ඒකකයක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 100ක් වෙන් කිරීමට නියමිතයි. හෘද  ඒකකය සහ සීටී ස්කෑන් යන්ත්‍ර සදහා රුපියල් මිලියන 800ක් මේ වසරේදි වෙන් කර තිබෙනවා. ආර්ථික අභියෝග හමුවේ වුවද ජනාධිපතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ නිසා අද වන විට සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලැබෙමින් පවතිනවා.

වැවිලි කර්මාන්ත හා  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර

රිචඩ් පතිරණ අමාත්‍යවරයා  ගාල්ල පුරවරයට  මෙන්ම   අධ්‍යාපනයට විශාල සේවාවක් සිදු කළා. එම සේවාව ඉදිරියට ගෙන යාමට රමේෂ් පතිරණ  මහතා විශාල කැපවීමකින් කටයුතු කරනවා.

විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  රට බාරගනු ලැබුවේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවකයි. ඉන්ධන පෝලිම්වල ජනතාව මැරී වැටෙන අවස්ථාවක, පොහොර නැතිව ගොවීන් පාරෙ උද්ඝෝෂණ කරන අවස්ථාවක රටේ ආර්ථිකය ගොඩනැගීමේ වගකීම භාරගත් එතුමා අද රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දීලා, ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීලා ගොවීන් නැවත ගොවි බිම් වලට යැවීමට කටයුතු කර තිබෙනවා.

2022 වසරේදී මෙරටට අවශ්‍ය සහල් ආනයනය කිරීමට අපට සිදුවුණා. නමුත් 2023වසරේදී  අපේ පාරිභෝජනයට අවශ්‍ය සහල් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කුරුඳු වගාව ඉහළ නැංවීම පිළිබඳ ලබා දුන් පොරොන්දුව අනුව  ඒ සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන විට සකස් කරමින් තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගෙන ජනතාවට ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කර දීමට ජනාධිපති කටයුතු කරනු ඇති බව අපගේ විශ්වාසයයි.

WhatsApp Image 2024 03 14 at 13.01.13 6e5c761a

WhatsApp Image 2024 03 14 at 13.01.13 e9a01a6e

WhatsApp Image 2024 03 14 at 13.01.13 9bca5cae

WhatsApp Image 2024 03 14 at 13.01.13 1c7aba41

WhatsApp Image 2024 03 14 at 13.01.14 76663536

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us