කෘත්‍රීම බුද්ධිය පාසල් අධ්‍යාපනයට

Published in පුවත්
Tuesday, 19 March 2024 21:51

කෘත්‍රීම බුද්ධිය පාසල් අධ්‍යාපනයට එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

දිස්ත්‍රීක්ක 20ක් අතුරින් තෝරාගත් පාසල් 20ක 8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය සුහුරු පන්ති කාමර සහ තාක්ෂණික උපකරණ ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කෙරිණි.

මෙම අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට මයික්‍රසොෆ්ට් කණ්ඩායමකගේ සහාය ලබා දීමට නියමිතය.
මෙම ගිවිසුමට අත්සන් තැබීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මයික්‍රසොෆ්ට් සමාගමේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී එම නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේ කෘත්‍රීම බුද්ධිය පාසල් විෂය නිර්දේශයට එක් කිරීමට සිය පුර්ණ සහාය ලබා දෙන බවයි.

මයික්‍රසොෆ්ට් සමාගමේ ඉන්දියාවේ සහ දකුණු ආසියානු කලාපීය සභාපති පුනීත් චන්දොක් (Mr. Puneet chandok) මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර ශ්‍රි ලංකාව නව තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යමින් කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දෙන සහාය සහ මඟපෙන්වීම ඉතා අගය කරන බව ඒ මහතා සඳහන් කළේය.

මෙම වැඩසටහන 2025 වසර තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනි ජුලි චන්ග් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර මෙම අවස්ථාව ශ්‍රී ලාංකීය ජනතාවට ලැබුණු මහඟු අවස්ථාවක් බව පෙන්වා දුන් ජුලි චන්ග් මහත්මිය ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස ද සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලාංකීය ජනතාව සහ පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් ස්වෙච්ඡා කණ්ඩායම් මඟින් සහාය ලබා දෙන බව ද ජුලි චන්ග් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධර්මසිරි කුමාරතුංග යන මහත්ම මහත්මීන් සහ මයික්‍රසොෆ්ට් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් ද, කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය, මුස්ලිම් කාන්තා විද්‍යාලය , පුස්සැල්ලාව හින්දු ජාතික පාසල, තංගල්ල බාලිකා විද්‍යාලය,කොළඹ හින්දු විද්‍යාලය නියෝජනය කරමින් විදුහල්පතිවරු, ගුරුවරුන් සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp Image 2024 03 19 at 19.49.46 d05d2c30

WhatsApp Image 2024 03 19 at 19.49.46 76030dbd

WhatsApp Image 2024 03 19 at 19.49.45 830cc210

WhatsApp Image 2024 03 19 at 19.49.47 ef32064f


Last modified on Tuesday, 19 March 2024 21:52

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us