සන්ධාන ආණ්ඩුවක් හරි අපි හදනවා - අනුර

Published in පුවත්
Monday, 25 March 2024 11:55

ජනාධිපතිවරණයට පෙර නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේගය රජයට ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කැනඩාවේ ටොරොන්ටෝ නුවර ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවති හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන්ට බලය අහිමි වන බවට වන අනාවැකිවලින් කැළඹී සිටින රජය මේ මොහොතේ ජාතික මැතිවරණයක් මඟ හැරීමට සෑම උත්සාහයක්ම ගන්නා බවත්ය.

''ජනතාවට බලය මාරු කරන්න බයයි.ඒකයි මැතිවරණවල දෙගිඩියාවක් ඇතිවෙලා තියෙන්නේ.අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමට ආණ්ඩුව දැන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.ඒක ජනාධිපතිවරණයට කලින් කරන්න ආණ්ඩුවට කිසිම අවස්ථාවක් දෙන්නෙ නෑ කියලා අපි ඔබට සහතික වෙනවා. ''

ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වුව හොත් අඩුම තරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර කිහිපයක් හෝ ලබා ගත නොහැකි බව දැන් තමන්ට විශ්වාස බැවින් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම දැන් වෙහෙසෙමින් සිටින බවද දිසානායක මහතා පැවසීය.

කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අභිමතය ජනාධිපතිවරයාට ඇති බවත්, පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවත් ඔහු පැවසීය.

"පාර්ලිමේන්තු මැතිවරණයට පෙර 2010, 2015 සහ 2019 යන අවස්ථා තුනකදී ජනාධිපතිවරණය පවත්වා තිබෙනවා," ඔහු පැවසීය.

ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ NPP ආසන 113 ක් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් NPP එකඟ විය හැකි සහ සන්ධානගත විය හැකි පුද්ගලයින් සමඟ රජයක් පිහිටුවීමට NPP සූදානම් බවයි.

“අපිට ආසන 105ක් විතර ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ජනතාව අපේ ආණ්ඩුව පිළිගන්න ලෑස්තියි. ඉතින් එහෙම වුණොත් අපි එකතු වෙන්නේ අපිට එකඟ වෙන්න පුළුවන්, පෙළ ගැසෙන්න පුළුවන් පුද්ගලයන් සමඟයි. අපි දේශපාලන බලවේග සමඟ නොව පුද්ගලයන් සමඟ එකතු වෙනවා. " ඔහු කිව්වා.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us