සංචාරක ආකර්ෂණය සදහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂිත දුම්රියක්

Published in පුවත්
Tuesday, 26 March 2024 08:59

සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂිත දුම්රියක් ධාවනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, අප්‍රේල් මස 05 වනදා සිට නානුඔය සිට බදුල්ල දක්වා සංචාරක විශේෂ නැරඹුම් මැදිරියක් සහිත දුම්රියක් ද ධාවනයේ යෙදවීමට නියමිත බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා,

"අප්‍රේල් 5 වෙනිදාට ඇල්ල, නයින් ආච්, මේ සංචාරක ආකර්ෂණය ප්‍රදේශ හරහා නව දුම්රිය දෙකක් ධාවනය කරනවා. එකක් සෑම දිනකම උදෑසන 6.30ට දවසක් ඇර දවසක් සිකුරාදා, ඉරිදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ලෙස දවසක් හැර දවසක් දුම්රියක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ගමන් කරනවා. ඒ අතර කෙටි දුර ප්‍රමාණය සංචාරක නැරඹුම් මැදිරි සහිත තවත් දුම්රියක් අපේ නානුඔයේ සිට බදුල්ල දක්වා හෝ සංචාරකයින්ට කෙටි දුර ධාවනය කළ හැකි වන ආකාරයට නැරඹුම් මැදිරි සහිත විශේෂ සංචාරක දුම්රියකුත් ආරම්භ වෙනවා."

මේ අතර රත්මලාන දුම්රිය ප්‍රධාන යාන්ත්‍රික උප දෙපාර්තමේන්තුව මගින් භාවිතයට නොගෙන ඉවත දමා තිබූ පැරණි රුමේනියානු දුම්රිය මැදිරි කිහිපයක් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලබාගත හැකි පරිදි සංචාරක දුම්රිය මැදිරි ලෙස නවීකරණය කර තිබෙනවා.

පැරණි දුම්රිය මැදිරි නවීකරණය කොට සංචාරකයින්ට වඩාත් පහසුවෙන් පරිසරය හා දුම්රිය මාර්ගය අවට නිරීක්ෂණය කළ හැකි පරිදි වහලය ඉවත්කොට මෙහි එක් දුම්රිය මැදිරියක්, නැරඹුම් මැදිරියක් ලෙස නවීකරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම සංචාරකයින්ට වඩාත් සුව පහසු ආසන සහිතව දුම්රිය මාර්ගය අවට පරිසරය නිරීක්ෂණය කළ හැකි පරිදි සම්පූර්ණයෙන්ම දැව යොදා ගනිමින් තවත් මැදිරියක් නවීකරණය කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 55 ක්.

කිසිසේත්ම ධාවනයට නුසුදුසු තත්ත්වයේ පැවැති මෙම ඉපැරණි දුම්රිය මැදිරි වඩාත් ඉහළ අගයක් එක් කරමින් දේශීය දුම්රිය ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ දායකත්වයෙන් මෙලෙස නවීකරණය කර තිබීම විශේෂත්වයක්.

රත්මලාන දුම්රිය යාන්ත්‍රික උප දෙපාර්තමේන්තුව විසින් සිදු කරන දෛනික දුම්රිය නඩත්තු කටයුතු වලට අමතරව මෙම මැදිරි නිර්මාණ කටයුතු වලින් වැඩි ප්‍රමාණයක් සිදු කර තිබෙන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා තිබුණු කාලය තුළයි.

ඉදිරියේදී වාණිජමය වටිනාකමක් සහිතව මෙවැනි මැදිරි නිර්මාණය සඳහා විදේශීය වශයෙන් හෝ ඇනවුමක් ලැබෙන්නේ නම් සේවා අවශ්‍යතාව මත එම කටයුතු ද සිදු කිරීමේ හැකියාව දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතී.

මෙම නවීකරණය කරන ලද මැදිරි නිරීක්ෂණය සඳහා රත්මලාන දුම්රිය යාන්ත්‍රික උප දෙපාර්තමේන්තුවේ විශේෂ නිරීක්ෂණකට එක්වු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ රට මුහුණ දී ඇති අසීරු වාතාවරණය තුළ මෙවැනි ඉවත දමා තිබූ දුම්රිය මැදිරි නවීකරණය කරමින් මෙම ආයතනය රටට සුවිශාල ආදර්ශයක් සපයා ඇති බවයි. ආයතනය සතු ඉංජිනේරු තාක්ෂණය භාවිතා කරමින් එහි තාක්ෂණ ශිල්පීන් සහ කාර්මිකයින් යොදා ගනිමින් සිදු කරන ලද මෙම නිර්මාණය විශාල ජාතික අගයක් එකතු කිරීමක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දැව යොදා ගනිමින් සුවිශේෂී සංචාරක ආකර්ෂණයක් සහිතව පිරිමැසුම්දායි ලෙස පවතින සම්පත් යොදාගනිමින් කටයුතු කිරීම රටට ආදර්ශයක් වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

-P.M

Last modified on Tuesday, 26 March 2024 09:02

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us