නීතිය සහ සාමය ස්ථාපිත කිරීම මානව හිමිකම් කඩකිරීමක් නොවේ. ජනපති අවධාරණය කරයි

Published in පුවත්
Tuesday, 26 March 2024 20:19


අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් එදා පාර්ලිමේන්තුව, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ බේරා ගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් උත්සාහ කළද එදා එම පියවර නොගත්තා නම් අද රට තුළ මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි නොවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අසීරු සහ අමිහිරි යුගයක් පසු කර රටක් ලෙස ඉදිරියට යන ගමනේදී නීතිය හා සාමය කඩවීමට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයක් තුළම නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්වයන්ට වගකීමක් පැවරී ඇති බව ද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සමඟ ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.
රට තුළ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සහ ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස් සහ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටට නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කමිටුවක් ද පත් කර ඇති බවයි.
විභාග බර අඩු කරමින් පාසල් අධ්‍යාපනයේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල පද්ධතියේද පරිවර්තන රැසකට මුල පුරා තිබෙන බවත් එළැඹෙන මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුවක් යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් පැවසීය.
මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම වෙනුවෙන් සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා 2035 වන විට දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීම තම අරමුණ බවද සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ යහපත් වාතාවරණයක් තිබිය යුතු බවද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල පාලනය බාහිර පාර්ශ්වයකට පවරනවාද එම තත්ත්වය වෙනස් කර විශ්විවද්‍යාල පද්ධතිය තුළ නව වාතාවරණයක් ඇති කරනවාද යන්න විශ්වවිද්‍යාල තුළින්ම තීරණය කළයුතු බවද පැවසීය.

පසුගියදා තමා කැළණිය විශ්වවිද්‍යාලයේ විවෘත කිරීමකට සහභාගී වන අවස්ථාවේ ඊට එරෙහිව සුළු පිරිසක් විරෝධතා දැක්වුවද තමන් වෙත පැවරී තිබූ වගකීම සහ රාජකාරිය ඉටු කිරීම අතපසු නොකළ බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ රැසක් පිළිබඳ මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරු අදහස් දැක්වූ අතර දැනුම නිර්මාණය කිරීම, එම දැනුම බෙදා හැරීම සහ රටේ ජාතික අවශ්‍යතා ඉටු කිරීමත් විශ්වවිද්‍යාල ආචාර්වරුන් ඇතුළු බුද්ධිමතුන් විසින් සිදු කළ බවට අවධාරණය කෙරිණි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමෙන් වෙන් වූ ස්වාධීන අධ්‍යාපන ආයතන බවට විශ්වවිද්‍යාල පද්ධතිය පත් කිරීම, විශ්වවිද්‍යාලවලට අනන්‍ය වූ වර්තමාන ගෝලිය අවශ්‍යතාවයන්ට සරිලන තාක්ෂණයෙන් යුත් නව පාඨමාලාවන් හැදෑරීමට දෙස් විදෙස් සිසුන්ට අවස්ථාව ලබාදීම හා ඒ සඳහා අවශ්‍ය වටපිටාව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදි අවධානය යොමු කෙරිණි.
එමෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කර ආර්ථික සංවර්ධනයට පුළුල් දායකත්වයක් ලබාදෙන ආයතන බවට පත්කිරීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් විය.
මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරු මතුකළ ප්‍රශ්න කිහිපයක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒවාට ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.
ප්‍රශ්නය
ව්‍යවසායකත්ව අධ්‍යාපනය පිළිබඳ ලෝකයේ බොහෝ රටවල ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා. එබැවින් අප රට තුළ ද ව්‍යවසායකත්ව අධ්‍යාපනය අනිවාර්යය කිරීමට කටයුතු කරන ලෙස යෝජනා කරනවා.
පිළිතුර
විශ්වවිද්‍යාල විෂය මාලාවන් තුළ සිදු කළ යුතු ප්‍රායෝගික වෙනස්කම් පිළිබඳ මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙන බව ප්‍රකාශ කිරීමට කැමතියි. ඒ සඳහා මේ වන විට කමිටු කිහිපයක්ම පත් කර තිබෙනවා. මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ද විශාල වගකීමක් පැවරී තිබෙනවා.
ප්‍රශ්නය
විශ්වවිද්‍යාල අධ්‍යාපනය විධිමත් කිරීමට නම් රටේ නීතිය විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වීම අවශ්‍ය බව ප්‍රකාශ කිරීමට කැමතියි.
පිළිතුර
එය තනිව ආණ්ඩුවට පමණක් කළ නොහැකියි. එය සියලු දෙනා එක්ව සිදු කළයුතු කාර්යයක්. නමුත් අනිත් අය නිශ්ශබ්දව සිටීම කණගාටුවට කරුණක්. 1980 දශකයේඇති වූ ක්‍රමය නිසයි මෙය සිදු වුණේ. නැවත වතාවක් අපට මෙම තත්ත්වයට යාමට නොහැකියි. ඒ නිසා අලුත් රටට ගැළපෙන අලුත් අධ්‍යාපන ක්‍රමයක් අප කඩිනමින් ඇති කළයුතුයි. ඒ සඳහා සියලුදෙනාගේ සහාය අවශ්‍යයි. විශ්වවිද්‍යාලයට සිසුවෙකු ඇතුළත් කර වසර හතරකින් උපාධිය ලබා ගැනීම පමණක් නොවයි. විශ්වවිද්‍යාලය තුළ වාද විවාද කිරිමට ද අවස්ථාව තිබිය යුතුයි. අතීතයේ දේශපාලනඥයන් විශ්වවිද්‍යාලවලට පැමිණ සාකච්ඡා පැවැත්වුවා. අද එවැනි පරිසරයක් විශ්වවිද්‍යාල තුළ දකින් නැහැ. අප නැවත ඒ තත්ත්වය ඇති කළ යුතුයි.

WhatsApp Image 2024 03 26 at 19.34.28 8a422781

WhatsApp Image 2024 03 26 at 19.34.28 60aa76bb

WhatsApp Image 2024 03 26 at 19.34.28 11bf8f7d

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us