සුඛෝපභෝගී නිවාස දෙකක් ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා ගෙන ඇති බව හෙළිවේ

Published in පුවත්
Wednesday, 27 March 2024 08:33

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝග මත ත්‍රස්තවදය වැළැක්වීමේ පනත යටතේ පොලීසිය භාරයට ගනු ලැබූ දෙහිවල සහ බේරුවල ප්‍රදේශවල පිහිටි සුඛෝපභෝගී නිවාස දෙක අල් කයිඩා සහ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මීට අදාළව ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අදාළ නිවාස පවරා ගැනීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝග නිකුත් කරන මෙන් ඉල්ලා එම නිවාසවල හිමිකරුවන් විසින් ගොනුකරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කිරීමටද තින්දු කළේය.

මෙම පෙත්සම් ඊයේ (26) සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව අනාවරණය වූ තොරතුරු මත මෙම නඩුවට පාදකවන ප්‍රශ්නගත නිවාස දෙක සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන සිදුකළ බව සඳහන් කළ බව "අදදෙරණ" අධිකරණ වාර්ථාකරු සඳහන් කළේය.

ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ලුක්මාන් තාලිෆ් නමැත්තෙකු මෙම නිවාසවල හිමිකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වා තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි කියා සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා අදාළ නිවස ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ හා අල් කයිඩා සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

එසේම අදාළ නිවාස අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පන්ති පැවැත්වීම සඳහා යොදාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු හෙළිදරව් වී තිබෙන බවඳ ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙම නිවාස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලීසිය භාරයට ගැනීමට අදාළ නියෝගය ජනාධිපතිවරයා විසින් නිකුත් කළේ ඔහුට ඉදිරිපත් වූ සෑහීමකට පත්විය හැකි තොරතුරු පදනම් කරගෙන බැවින් මෙම නියෝගය තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුනොවන බව ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස ඔහු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලූ බව "අදදෙරණ" අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

එහෙත් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කියා සිටියේ අදාළ නිවාස දෙක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලීසිය භාරයට ගැනීමට කෙරුණු විධානය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

රජයේ නීතිඥවරයා සඳහන් කරන ආකාරයේ තොරතුරු විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව මෙහිදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

අදාළ නිවාස දෙකේ හිමිකරුවන් වූ මොහොමඩ් හියතුල්ලා සහ මොහොමඩ් හසිම් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us