සිඟමන් යදින වීථි දරුවන් ගැන ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි

Published in පුවත්
Wednesday, 27 March 2024 15:16

දිවයින පුරා සිඟමන් යදින වීථි දරුවන් 20,000ත් - 30,000ත් අතර පිරිසක් සිටින බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ඇතිවු ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා හා දත්ත අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල පැවසුවේය.

හෙතෙම වැඩිදුරටත් පැවසුවේ

"අපි කරපු අධ්‍යයන තුළ පෙනී යනවා 2019 වනවිට 15,000කට ආසන්න ප්‍රමාණයක් මේ තුළ ඉන්නට පුළුවන් කියලා. 2019 පසුව පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය යන කාරණා නිසා මේ පිරිස 20,000ත් 30,000ත් අතර ප්‍රමාණයක් මේ තුළ ඉන්නට පුළුවන්. මෙහිදී විවිධ කාණ්ඩයේ දරුවන් ඉන්නවා. මොවුන් බොහෝවිට පූජනීය ස්ථානවල රැදෙනවා. ඒකට හේතුව පූජනීය ස්ථානවලට එන බැතිමතුන් ළමයෙක් දැක්කහම, ළමයෙක් ගේන දෙයක් දැක්කහම මිල දී ගන්න බලනවා. ඔවුන්ට යම් අනුග්‍රහයක් දක්වන්න කැමතියි. ඒ නිසා මේක ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන්නේ බොහෝ ප්‍රදේශවල..." යනුවෙනි.

දරුවන් සිඟමනේ යෙදවීම අපරාධමය වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමේ හැකියාව පොලීසියට පවතින බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේය.

"දරුවන් සිඟමනේ යෙදවීම හා දරුවන් මෙහෙකාර සේවයට යෙදවීම කියන කාරණා දෙකම අපේ රටේ නීතියට අනුව අපරාධ වැරදි හැටියට තමා සැලකෙන්නේ. එවැනි අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ වගකීම නෛතික බලතල පැවරෙන්නේ පොලීසියට. ජාතික ළමා රක්ෂණ අධිකාරියටත් මෙවැනි තත්ත්වයන් ගැන වාර්තා වෙනවා. විශේෂයෙන්ම මෙවැනි තොරතුරු ආසන්නතම පොලීසියට යොමු කිරීම තමා බොහෝදුරට ජාතික ළමා රක්ෂණ අධිකාරිය විසින් කරන්නේ."

එමෙන්ම යාචකයන් ලෙස කටයුතු කරන ළමුන් පොලිස් භාරයට ගැනීමේ හැකියාව පැවතුණ ද ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා පවතින නීතිමය බාධාවන් ඊට ගැටලුවක් වී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේය.

"යාචකයින්ව අත්අඩංගුවට අරන් මෙයාලව දාන්නේ කොහේද කියලා ගැටලුවක් තියෙනවා. සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පවත්වාගෙන යන රිදීගම යාචකයින්ව රඳවන ස්ථානය සම්පූර්ණයෙන්ම පිරිලා. ඒ නිසා මේ අය උසාවි දාලා රක්ෂිත බන්ධනාගාරගත කරලා වැඩක් නෑ. මොකද එයාලව එහෙම නම් දිගු කාලීන පුනරුත්තාපන වැඩසටහනකට දාන්න ඕනේ. ඒ වගේ ඉඩකඩ ප්‍රශ්නයක් තියෙනවා. අපිට පුළුවන් මෙහෙයුමක් දියත් කරලා ළමා යාචකයින්ව අරන් දාන්න. එයාලව තියන්නේ කොහේද කියන ප්‍රශ්නයට විසඳුමක් තියෙනවා නම් අපිට ඒක කරන්න පුළුවන්."

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us