ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි

Published in පුවත්
Friday, 29 March 2024 16:34

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම දේශපාලනය සහ ක්‍රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වැළකි සිටිය හැකි නම් එය යහපත් තත්ත්වයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (28) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) 125 වන සංවත්සර සැමරුමට එක් වෙමිනි.

සිංහල ක්‍රීඩා සමාජයේ වසර 125ක ඉතිහාසය සටහන් කෙරුණු සුවිශේෂී ග්‍රන්ථයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර එයට සමගාමීව තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කෙරිණි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් එස්එස්සී ක්‍රීඩකයන් ඇගයීමට ලක් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

රාජකීය, ශාන්ත තෝමස්, වෙස්ලි වැනි පාසල්වලින් ක්‍රිකට් ක්‍රිඩාවට එක්වුණු සියලුදෙනාම අද මෙහි පැමිණ සිංහල ක්‍රීඩා සමාජය සමඟ සිය අනන්‍යතාව තහවුරු කර තිබෙනවා.
ඒ වගේම තමයි, මගේ මීමුත්තණුවන් වූ මීදෙණිය අදිකාරම්, මගේ සීයා වුණු සී.එල්. වික්‍රමසිංහ ඇතුළු එම යුගයේ සිටි බෙහෝ දෙනෙක් සිංහල ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණේ ඔවුන්ට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ඇති කර ගැනීමට අවශ්‍ය වූ නිසායි. නිදහස ලැබුණු පසු මගේ පියාත් මීට සම්බන්ධ වුණා.
එදා අප මේ අයුරින් ක්‍රිඩා සමාජ ඇති කරගත්තා. දෙමළ ජනයා දෙමළ ක්‍රීඩා සමාජ නිර්මාණය කළා. ඒ ජනවාර්ගික ගැටුමක් උදෙසා නොවෙයි. නමුත් විවිධ කණ්ඩායම් මේ තුළින් තමන්ට අනන්‍යතාවයක් ලබා ගැනීමට උත්සාහ කළා. ඒ ආගම හෝ කුලය මත නොවෙයි, භාෂාව සහ සංස්කෘතිය මතයි. මැලේ ජාතිකයින්ට පවා ඔවුන්ගේම ක්‍රීඩා සමාජයක් තිබුණා. ඒ සමඟ සිංහල, දෙමළ, මැලේ, සියලුදෙනාම එක්වුණා වගේම පසු කාලෙක එම සියලුදෙනා එක්ව පොදු අනන්‍යතාවයක් ලබා ගත්තා.
සිංහල ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරුන් අතර අප පක්ෂයේ නායකයන් ද කටයුතු කර තිබෙනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා මෙන්ම හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ද එවකට මෙහි සභාපතිවරු ලෙස කටයුතු කළා. එය අපට විශාල ගෞරවයක් බව කිවයුතුයි. පසුව මමත් ඔබගේ ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වුණා. නමුත් දේශපාලනඥයකු ලෙස මම තීරණය කළා එයින් ඉවත්විය යුතුයි කියලා. අද පවතින දේශපාලනය ඩී.එස්.සේනානායක මැතිතුමාගේ හෝ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ පාලන සමයේ පැවති දේශපාලනය නොවෙයි.

 දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වළකිනවා නම්, එය අප සියලුදෙනාටම යහපත් තත්ත්වයක් වනු ඇතැයි මා විශ්වාස කරනවා. මොකද දේශපාලනයත්, ක්‍රීඩාවත් එකිනෙකට වෙන් කර තබා ගැනීම ඉතා වැදගත් වගේම කාලෝචිත බව කිවයුතුයි.
ක්‍රීඩාවෙන් අප ඈත්ව සිටින බව ඉන් අදහස් වන්නේ නැහැ. අප ඔබගේ අවශ්‍යතා පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙනවා. ඒ වගේම අපේ නායකයන් විසින් පවත්වාගෙන ආ සම්ප්‍රදායන් අප ඉදිරියට ගෙන යා යුතුයි. ඒ නිසා සිංහල ක්‍රීඩා සමාජයට අයත් භූමිය 99 අවුරුදු බදු පදනම මත ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස මම ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳවත් මෙහිදී යමක් ප්‍රකාශ කිරීමට මම කැමතියි. අප ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගත යුතුයි. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛයෙකු වනු දැකීම මගේ අපේක්ෂාවයි.
මේ වසරේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියනයක මුදලක් වෙන් කර තිබෙන අතර ලබන වසරේ ඊටත් වඩා වැඩි මුදලක් ලබාදීමට කටයුතු කරන බව කිවයුතුයි. එම මුදල් ඔබගේ ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු වන සිදත් වෙත්තමුණි මහතා යටතේ වන භාරයකින් පවත්වාගෙන යනු ඇති අතර ග්‍රාමීය පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරමින් ක්‍රිකට් තරග පැවැත්වීමට වගේම ග්‍රාමීය මට්ටමින් හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් ඇති කිරීමටත් එමඟින් කටයුතු කෙරෙනවා.
අප පාසල් 1000-1500 අතර ප්‍රමාණයක ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ යුතුයි. එවිට ජාතික කණ්ඩායමට අවශ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පුළුල් සංචිතයක් නිර්මාණය වෙනවා. ඒ වගේම රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට අප පියවර ගෙන තිබෙනවා. මෙම කටයුතුවලදී ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ ක්‍රීඩා සමාජ සතුව මහඟු වගකීමක් පැවරෙනවා.
ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ලොව ප්‍රමුඛයෙකු බවට පත් කිරීමට අප සියලුදෙනා එක්ව කටයුතු කරමු කියා ඉල්ලා සිටිමින්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිංහල ක්‍රීඩා සමාජය ලබා දෙන දායකත්වයට ස්තූති කිරීමට ද මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

WhatsApp Image 2024 03 29 at 15.58.26 7d5a0f3e

WhatsApp Image 2024 03 29 at 15.58.27 eaa05c6f

WhatsApp Image 2024 03 29 at 15.58.28 7c9db774

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us