මොනරාගල නින්ජා ප්‍රහාර : කාර්යාල 9ක් කුඩු

Published in පුවත්
Sunday, 31 August 2014 18:12

ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල පහකට හා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල හතරකට පසුගිය 29 හා 30 යන දෙදිනේදී ප්‍රහාර එල්ලකර තිබෙන බවත් ඉන් කාර්යාල තුනක්  සම්පූර්ණ ලෙසම විනාශ වී තිබෙන බවත් කැෆේ සංවිධානය කියයි.

ආයුධ සන්නද්ධ අංක තහඩු නොමැති වාහනවලින් ගමන්ගන්නා පිරිස් විසින් මෙම ප්‍රහාර දියත් කරන බවත් මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල මැතිවරණ කොට්ඨාසයේ වැඩි වශයෙන් මෙම සිදුවීම් වාර්තා වන බවත් එම සංවිධානය පෙන්වා දෙයි.


'කැෆේ' සංවිධානය පවසන පරිදි, අගෝස්තු 29 සහ 30 දෙ දින වැල්ලවාය සහ මොණරාගල ප්‍රදේශ වලින් මැතිවරණ කාර්යාල 9 කට පහරදීම පිළිබද වාර්තා වී ඇත.

 
පසුගිය සතියේ දී පැය 72 ක් තුල විපක්ෂයේ පක්ෂ කාර්යාල 21 ක් මොණරාගල දිස්ත්‍රික්කයේ විනාශ කොට තිබුණි.  එයින් බහුතරය බිබිල ඡන්ද බල ප්‍රදේශයේ ස්ථාපනය කොට තිබුණි.   


කැෆේ සංවිධානය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට සහ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අංක තහඩු රහිත සහ ගරාජ් අංක සහිත වාහන මැතිවරණ ව්‍යාපාරයන් හි යෙදීම පිළිබද පැමිණි තුනක් ඉදිරිපත් කොට ඇත. 

නමුත් අගෝ. 29 සහ 30 දෙ දින ද මෙවැනි වාහන ස්ථාන හතරක (බදුල්ල -- කැප්පෙටිපොල සහ බණ්ඩාරවෙල නගරය,  මොණරාගල -- වැල්ලවාය බුත්තල මාර්ගය සහ බිබිල මැදගම පාලම අසල) දී කැෆේ සංවිධානය විසින් නිරීක්ෂණය කර ඇත.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් පොලිස් මාර්ග බාධක යෙදවීම සහ අතිරේක පොලිස් නිලධාරීන් පිටපලාත්වලින් මොරණරාගලට යොමු කිරීම පිළිබද උපදෙස් ලබා දී ඇත.

 එසේ නමුත් මෙම වාහන අත් අඩංගුවට ගැනීමක් හෝ පක්ෂ කාර්යාලවලට පහරදීම් හෝ අඩු නොවීම සැබවින්ම විමතිය දනවන කරුණක් බව කැෆේ සංවිධානය පවසයි.

ලියාපදිංචි පක්ෂ කාර්යාලයන් හි පොලිස් මුර සංචාර සටහන් පොත් ස්ථාපනය කිරීමට උපදෙස් දී තිබූ නමුත් එය ද අගෝ. 31 උදෑසන වන තෙක්ම ක්‍රියාත්මක වී නැත.

අලුතෙන්ම ප්‍රහාරයට ලක් වූ පක්ෂ කාර්යාලය කිහිපයක් මෙසේය.

බුත්තල කුඩාඔය උණවටුන බෝධිය අසල පිහිටි  විමලසේන මහතාගේ නිවසේ පිහිටා  තිබු ජවිපෙ මැතිවරණ කාර්යාලයට අගෝ.  29 රාත්‍රී 12.30 ට පමණ පහරදී සැරසිළි කඩා ගිණි තබා ඇත. 

බුත්තල හල්මිල්ලෑව, පුහුල්කොටුව ජවිපෙ කාර්යාලයට 29 රාත්‍රී 12 ට පමණ පහර දී, කටවුට් සහ කාර්යාලයට ගිණි තබා ඇත.  මුඵ කාර්යාලයම දැවී අලුවී ඇත.  ප්‍රහාරය එල්ල වන විට කාර්යාලයේ කිසිවෙකු සිට නැත.  මොණරාගල මදුරුකැටිය ජවිපෙ අපේක්ෂක පල්ලිගුරුගේ විජේසිරි ගේ කාර්යාලයට  මේ වන විට අවස්ථා තුනක දී නාදුනන පිරිස් පහර දී/ගිණි තැබීම් සිදු කොට ඇත. 

සෙවනගල හඹුරුගල සහ ඇල්ලෙකොන පිහිටි ජවිපෙ කාර්යාල ද එදිනම ප්‍රහාරයට ලක්වී ඇත. 

එක්සත් ජාතික පක්ෂයේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක  රෝයි කාවින්ද මහතා ට අයිති ඇතිලිවැව හන්දියේ පිහිටි කාර්යාලය ද අගෝ. 29 දින ප්‍රහාරය ලක් වී ඇත.  මෙය වැල්ලවාය ප්‍රදේශයේ ස්ථාපනය කොට ඇති එජාපයේ විශාලතම කාර්යාලයයි.  එයට අමතරව   මල්වත්තාවල හන්දිය, ආනපල්ලම හා කිතුල්කොටේ,  හි පිහිටි එජාප කාර්යාලය ද අගෝ. 29 දින ප්‍රහාරයට ලක් වී ඇත.

මොණරාගල දිස්ත්‍රික් ස්වාධීන අපේක්ෂක ඩබ්.එම්. උදය කුමාර මහතාගේ ඔක්කම්පිටිය 17 හන්දියේ පිහිටි කාර්යාලයට යම් පිරිසක් විසින් කඩා විනාශ කොට ඇත.
 
විපක්ෂයේ මැතිවරණ කාර්යාල වෙත දිගින් දිගටම එල්ල වන ප්‍රහාර සහ ඒවා සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබදව කැෆේ සංවිධානයේ කණගාටුව පළ කරයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us