සංචාරක ක්ෂේත්‍රයට අලුත් අත්දැකීමක්. Shree Ramayan Trails දියත් කෙරේ Featured

Published in පුවත්
Monday, 22 April 2024 14:57

රාමායණ පුරාවෘතයට නව මානයන් එක් කරමින්, 'ශ්‍රී රාමායන් මංපෙත' (Shree Ramayan Trails- Sri Lanka ) නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (21) දිනයේ දී සිදු විය.

ඉන්දියාවේ අයෝධ්‍යා හී සුවිශාල ශ්‍රී රාම පූජා මන්දිරයේ (ධූරන්දර ශ්‍රී රාම් ජන්මභූමි තීර්ත් ක්‍ෂේත්‍ර භාරයේ ) ප්‍රධාන භාණ්ඩාගාරික හා පූජක භාණ්ඩාගාරික අතිඋතුම් ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ්ගේ මගපෙන්වීම සහ අනුග්‍රහය යටතේ මෙම වැඩසටහන කොළඹ ටාජ් සමුද්‍රා හිදී එළිදක්වන ලදී.

ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ව්‍යාපෘතිය අනුව රාමායණ වීර කාව්‍යය හා සම්බන්ධ ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක් සම්බන්ධ කරගනිමින් එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදි වන දැවැන්තම ජාත්‍යන්තර මට්ටමේ ස්මාරක පිහිටුවීම සිදු වෙනු ඇත.

ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක් සමඟින්, ප්‍රබල කලාපීය ආයෝජකයින් සමඟ එක්ව 'සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්' විසින් මෙම ව්‍යාපෘතිය දියත්කර තිබේ.

ඉන්දු ශ්‍රී ලංකා අධ්‍යාත්මික සම්බන්ධතාවයේ සහ සංස්කෘතික පුනර්ජීවනයේ නව යුගයක් ආරම්භ කිරීමට අඩිතාලම දමමින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේත් සංස්කෘතික හා අධ්‍යාත්මික ක්ෂේත්‍රයේත් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙය ඉතිහාසයට එකතු වනු ඇත.

මෙම ව්‍යාපෘතිය ගොඩනැගිලි ව්‍යුහයන් පමණක් නොව එය පැරණි අධ්‍යාත්මිකත්වය නවීන ගෘහ නිර්මාණ ශිල්පයේ ආශ්චර්යයන් සහ AI තාක්ෂණයෙන් නිර්මාණය වන, වර්ධිත යථාර්ථය (augmented reality) සහ අතථ්‍ය යථාර්ථය(virtual reality) ඇතුළු අති නවීන තාක්‍ෂණය සමඟ මිශ්‍ර කර මැකී ගිය ඓතිහාසික සිද්ධීන් සජීවිකරණය කර ප්‍රේක්ෂකයින්ට තිලිණ කිරීම සිදුවේ.

ramayan 2

මන්නාරම් ද්‍රෝණියේ ආදම්ගේ පාලමේ (රාම සේතු) සිට නුවරඑළියේ සීතාඑළිය දක්වා රාමායණ කතාවේ කොටසක් ස්පර්ශ කළ හැකි සෑම භූමි අඩවියක්ම මේ ස්‍දහා තෝරාගෙන ඇත.

මෙම භූමි අඩවි, සංස්කෘතික උරුමයන් සහ අධ්‍යාත්මික අභ්‍යන්තර තොරතුරු විශ්ලේෂණය කිරීමට වඩාත් පහසු හා විධිමත් මාර්ගෝපදේශ සපයන මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වනු ඇති අතර, ලොව පුරා සිටින සංචාරකයින් අතිශයින් ආකර්ෂණය කරන සංචාරක මධ්‍යාස්ථාන බවට ද පත් වනු ඇත.


ආදම්ගේ පාලම ඉදිකිරීම හෝ සීතාගේ අග්නි පරීක්ෂණය අත්විඳීම ආදී මෙම ප්‍රබන්ධ කතා පුවතේ සිදුවීම් විචිත්‍රවත්ව සජීවීව, වර්ධිත යථාර්ථය හරහා අත්විදීමේ හැකියාව ඇත.
නව තාක්ෂණය ඔස්සේ මෙවැනි අත්දැකීමක් ලැබෙන ශ්‍රී ලංකාවේ පළමු අවස්ථාව මෙය වනු ඇත. AI තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන මාර්ගෝපදේශ සහ අතථ්‍ය රියැලිටි අත්දැකීම් ඒකාබද්ධ කිරීම, සෑම සංචාරයක්ම අභ්‍යවකාශය හරහා පමණක් නොව කාලය හරහා යන ගමනක් බවට පත් කරමින් අසමසම ගැඹුරක් මෙම තාක්ෂණික ක්‍රියාන්විතය හරහා ලබා දෙනු ඇත.

ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් විසින් ශ්‍රී ලංකාවේ සිය මංගල සංචාරයේදී අනුමත කරන ලද මෙම ව්‍යාපෘතිය දිවයිනේ සංචාරක ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරයි.

අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් කෙරෙහි උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන 'ශ්‍රී රාමායණ මංපෙත්' ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත. සංස්කෘතික හා අධ්‍යාත්මික උරුමය ජාතීන් දෙක අතර ඇති ගැඹුරු බැඳීම තවදුරටත් වර්ධනය කිරීම මෙමගින් සිදු වෙනු ඇත.

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජාහ්, ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු කතානායක කරු ජයසූරිය ඇතුළු අමුත්තන් රැසක් මෙම නිල එළිදැක්වීමේ උත්සවයට සම්බන්ධ වී තිබිණි.

මේ සම්බන්ධයෙන් 'සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම' වැඩිදුරටත් මෙසේ පවසා සිටී.

'අනාගතය සඳහා නව මානයන් තනනනෙකු හා සාර්ථකත්වයේ දිශානතියේ පෙරගමන්කරුවෙකු ලෙසින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස් තවදුරටත් මෙරට සංචාරක කර්මාන්තයට හුරු පුරුදු හුදෙක් දර්ශන තල පෙන්වීමෙන් එහා ගිය ජාත්‍යන්තර ප්‍රමිතියේ නව්‍ය සංචාරක ක්‍රමෝපායික සැලසුමක් බවට පත් වන ශ්‍රී ලංකාවේ අධ්‍යාත්මික සංචාරක ක්ෂේත්‍රය හා තාක්ෂණය ඒකාබද්ධ වන සුවිශේෂී ආයෝජනයකි.

එය ආධ්‍යාත්මික, සංස්කෘතික මෙන්ම අනාගත ආයෝජන අවස්ථා නැවුම් මානයකට ගෙන යන ක්‍රියාවලියක ඔඩිසියක් වන අතර එය රාමායණයේ පුරාණ වීර කාව්‍යය නූතන ලෝකය සමඟ නැවත සම්බන්ධ කරන තාක්ෂණික විප්ලවීය පාළමක් වනු ඇත යි. මෙම ව්‍යාපෘතිය මගින් මෙම පූජනීය මංපෙත් සමඟ ඇති අධ්‍යාත්මික සබඳතාව නැවත පණ ගැන්වීමට පොරොන්දු වෙනවා පමණක් නොව, ශ්‍රී ලංකාව අධ්‍යාත්මික සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමත්, එමඟින් ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික කීර්තිය ඉහළ නැංවීමත් අරමුණු කරයි.

මෙම පූජනීය මෙහෙවර තුළින්, අපි අපගේ උරුමය සුරැකීම සහ සැමරීම පමණක් නොව සමෘද්ධිමත් අනාගතයකට මග පාදා දෙමු, ශ්‍රී ලංකාව ලොව පුරා අධ්‍යාත්මිකත්වය සහ සහෝදරත්වය සඳහා වඩාත්ම කැමති ගමනාන්තය බවට පත් පත් කරන්නට කැප වෙමු

වැඩි විස්තර
ව්‍යාපෘති අධ්‍යක්ෂ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us